(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
ඉකුත් අප්‍රේල් 28 වැනි දින වෙලම්බඩ මුස්ලිම් දේවස්ථානයකින් එම මන්නා පිහි සහ අත් පොරෝ පොලිසිය බාරයට ගෙන තිබිණි.
වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයා මෙම නඩු භාණ්ඩ ඊයේ(06) දින නැවත බාරදීමට සූදානම් වන බව විශේෂ රාජකාරියේ යෙදී සිටි වෙලම්බඩ පොලිස් ස්ථානාධිපතිවරයට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව එය වළක්වා තිබූ බව පොලිස් අධිකාරීවරයා පැවසීය.
මේ සම්බන්ධව පොලිස් මූලස්ථානය අවධානය යොමුකිරීමෙන් පසු මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙලම්බඩ පොලිස් ස්ථානයට ගොස් සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පතිගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
එය සිදුවිය යුත්තක්. මොහු කිසිවෙකුගෙන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද රැගෙන ඒ වැඩේ කළාදැයි සෙවිය යුතුය. ත්‍රස්තවාදීන් අතට නැවත අවි දීමට තරම් අය පොලීසියට සුදුසු නැත
මෙවැනි කාර්යයන් නිසා පවතින රජයත්, එම දෙපාර්තමේන්තුවත්, මහා ජනයාත් අපහසු තත්වයකට පත්වනවා යයි නොසිතා තමා ගැනම පමණක් සිතන අයගේ වැඩ
ආදර්ශමත් ක්‍රියාවක්...
ආපසු දුන්නට නම් කමක් නැහැ. ඕවා ඇහුණා කියලා ලැජ්ජාවක් ඇති ජාතියක් නෙමෙයිනේ...
ඉන්න මම මේක පැහැදිලි කරන්න. වැඩ තහනම් කීවාට මේක රාජකාරී වැඩ තහනමක්. සියලුම වරප්‍රසාද පඩි සහිතව රාජකාරියක් නොකර නිදහසේ පොලිස් ස්ථානයට වෙලා විවේකීව ඉන්නවා කියන එකයි.
බූරු වැඩ කරන්න එපා... !!!
නීතිය නවන පොලිස් නිලධාරීන්ගෙන් මුළු රටම පිරිලා, පොලිස්පතිතුමා, අගමැතිතුමා එකතු වී රටේ නීතිය අකුරටම ජාති බේද, තරාතිරම නොබලා දඬුවම් දෙන්න. පොලිස්පති තුමාට අපේ ආචාරය... ජය වේවා ශ්‍රී ලංකා!!!
අරුන්ට ළමයි ඉස්සරහ හරක් මරණ පුණ්‍ය උත්සවයට කඩු ටික ආපසු පල්ලි වලට දෙන්න පටන් අරන්... මෙවැනි ආගමකින් සාමයක් බලාපොරොත්තු විය හැකිද? ජනපති විරුද්ධ හින්දු කෝවිල් වල සත්ව ඝාතනයට පමණද? මේ කඩු ආපසු දීමෙන් ජනමතයක් හදනවා පල්ලි වල කඩු තියා ගත්තේ හරක් මරණ පුණ්‍ය කර්මය සඳහා පමණක්ම බව...
ලෝකයේ කිසිම රටක් මෙතරම් විහිලු සපයලා නැතුව ඇති. මේ සහජීවනය කියන උගුලේ වැටිලා කළයුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද කියන දේවලුත් පටලවාගෙන... මේ යන විදිහට අහුවෙන බෝම්බත් ගලවලා වෙඩි බෙහෙත් ටික හෝදලා ඒක ඇතුලේ තිබුණු බයිසිකල් බෝල ඇන ආදිය ආපසු දෙන්න වෙයි...
මේකට , "තොයිලය" කියලත් කියන්න පුළුවන් නේද..?
මුළුරටම ආරාජිකවෙලා යහපාලනය දොරෙ ගලනවා..
මරු පොලිසිය,.. හමුදාවෙන් පල්ලියේ තිබිලා ඇල්ලුවේ කඩු, නමුත් උසාවියට නඩු භාණ්ඩ ලෙස පොලිසිය ඉදිරිපත් කරලා තියෙන්නේ මන්නා පිහි සහ අත් පොරෝ, ඉතින් මන්නා පිහි සහ අත් පොරෝ ළඟ තියන් ඉන්න බැහැ කියලා නීතියක් නැහැනේ. මේකත් අර බෝම්බ කම්හලේ සැකකරුවන් සාමාන්‍ය නීතිය යටතේ උසාවියට ඉදිරිපත් කරලා ඇපඅරන් දුන්නා වගේ වැඩක්... සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම මස් කෑල්ලට, සල්ලි මිටියට යටවෙලාද?