(නිමන්ති රණසිංහ)
 
රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටියදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් පාතාල කි‍්‍රයාකාරිකයකු වූ ‘‘කුඩු දිලීප’’ නැමැත්තා ලබන 11 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 101/5, නාගහමුල්ල පාර, වැල්ලම්පිටිය පදිංචි දිලිප් තරංග හෙට්ටිගේ හෙවත් ‘‘කුඩු දිලීප’’ නැමැත්තාය.
 
කොටිකාවත්ත නාගහමුල්ල ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඉකුත් 26 වැනිදා විදේශීය රටක නිෂ්පාදනය කරන ලද රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු වැල්ලම්පිටිය පොලීසිය අද (28) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.