(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දිලිප් තරංග හෙට්ටිආරච්චි හෙවත් ‘කුඩු දිලීප’ නමැත්තා ගිනි අවි සහ තියුණු ආයුධ සමඟ අද(27) අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
සැකකරු සමඟ ගිනි අවියක්, පිස්තෝලයක්, වානේ කඩු 3ක් සහ ජංගම දුරකතනයක් පොලිසිය බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසියට බාර දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටින් වික්‍රමසිංහ මහතාගේ මඩොල් දුවේ තියෙනවා 'මගඩි නැටුම' කියලා පරිච්ඡේදයක්... මිනිස්සුන්ව මුලාකරලා ඇස්වහලා සල්ලි ගරන මගඩියක් ඒක. මේ අත්අඩංගුවට ගැනීම් ගැනත් කියන්න තියෙන්නේ ඒකමයි. ඊ ලඟට මොකද වෙන්නේ? හිරේ ඉන්න කුඩු වෙළඳ මන්ත්‍රීලා, පාර්ලිමේන්තුවේ ඉන්න කුඩු මන්ත්‍රීලා යෙහෙන් වැජඹෙනවා. මේ අල්ලන අය කියන්නේ නැද්ද තමන්ගේ ලොක්කෝ කවුද කියල? මදුෂ් කෝ දැන්? මොනවද එයා එළිකලේ? පොලිසිය සියලු තොරතුරු නොදැන ඉන්න විදිහක් නැහැ. නමුත් එතැනින් සියල්ල නවතිනවා. ලොක්කන්ගේ ඇස් බැන්දුම් වැඩ ගැන අපූරු හෙළිදරව්වක් කරලා තිබුනේ.. වර්තමාන අධිකරණ ඇමතිනියත්.... මේවා තනිකරම 'මගඩි නැටුම්'
ගෝඨාභය ආවොත් මෙයාලට රජ සැප... එ්කනේ නාලිකාවත් බැහැලා වැඩේ දෙන්නේ.
මහා පරිමාණ කුඩුකාරයින් පොලිසියෙන් අල්ලන්නේ හිරේ දාන්නම නෙවෙයි.. එ්කෙන් සෑහෙන ගානක් තමන්ටත් ගන්න. නුඹලා කරගෙන පලයල්ලා. අපිටත් දියල්ලා.. එ්කයි පොලිස් තීරණය.. නැතිනම් මහා පරිමාණ කුඩ්ඩෙක් වුණු කන්ජිපානි ඉම්රාන්ට අවුරුදු 5ක්.. එ්කත් නොදී බැරි නිසා..