IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කීඩෑ උවදුරට ලක්වූ කුඹුරු යායකට රන්න ගොවීහු ගිනි තබති

(චන්ද්‍රසේන ගමගේ)

රන්න - කට්ටකඩුවේ කීඩෑ උවදුරට ලක්වීමෙන් විනාශ වූ කුඹුරු යායකට අද (22) සවස ගොවීහු ගිනි තැබූහ.

රන්න කට්ටකඩුව ගොවීහු පවසන්නේ රන්න යායේ කුඹුරු අක්කර 250 ක් පමණ මෙම කීඩෑ උවදුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.සශ්‍රීකව තිබූ තම කුඹුරු යාය හිටි ගමන්ම වියළී ගිය බවත් කෘෂිකර්ම නිලධාරීන් නිර්දේශ කරන ලද කෘමි නාශක යෙදුවද ඉන් ඵලක් නොවූ බවත් එම ගොවීහු පවසති.

එම නිසා රන්න යාය කීඩෑ උවුදුරෙන් මුදවා ගැනීම සඳහා විනාශ වී ගිය කුඹුරු සියල්ල ගිනි තබන්නට තමන් තීරණය කළ බවද ආපදාවට ලක්වූ කුඹුරු හිමියෝ පවසති.

එමෙන්ම කීඩෑ උවදුර නිසා හානියට පත් වූ කුඹුරු හිමියෝ පවසන්නේ තමන්ට සිදුව ඇති පාඩුව මගහරවා ගැනීම සඳහාත් ඉදිරි කන්නයේ නැවත වගාව ආරම්භ කිරීම සඳහාත් තමන්ට යම් සහනයක් වගකිව යුතු අංශ වලින් ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

ප්‍රදේශය භාර කෘෂිකර්ම පර්යේෂණ නිලධාරී විමලරත්න වනිගසිංහ මහතා පවසන්නේ කෘෂිකර්ම උපදේශකවරුන් හරහා අදාළ ගොවීන් දැනුම්වත් කළ බවත් ඒ අනුව ගොවීන් ක්‍රියා කළද කීඩෑ උවදුර මැඩ පැවැත්වීමට  නොහැකි වූ බවයි.

මෙම දිලීර හානිය හා කීඩෑ උවදුර පාලනය කර ගැනීම සඳහා හානියට පත් වූ කුඹුරු සියල්ල ගිනි තබන ලෙසට කෘෂිකර්ම නිලධාරීන් ගොවීන්ට උපදෙස් දුන් බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව හානියට පත් වූ ගොයමට අද සවස ගොවීන් විසින් ගිනි තැබුවද පවතින වැසි තත්වය නිසා කුඹුරු යාය සම්පූර් ණයෙන් විනාශ කිරීමට නොහැකි වූහ.

ඉදිරි දින කිහිපයේදී හානියට පත් වු කුඹුරු සියල්ල ගිනි තබා විනාශ කරන බව රන්න යායේ ගොවීහු පැවසූහ.

 



අදහස් (4)

කීඩෑ උවදුරට ලක්වූ කුඹුරු යායකට රන්න ගොවීහු ගිනි තබති

jayath Friday, 23 August 2019 03:12 AM

රටම ගිනි අරගෙන නෙව තියෙන්නේ එහෙම එකේ මේ රන්න කුඹුරක් -ඇල්ලේ රක්ෂිතයක් ගිනිගන්න එක ඒ තරම් ගණන් ගන්න ඕන නැහැ

:       57       0

දිමුත්Friday, 23 August 2019 06:59 AM

ඔයා කන්නේ පාන්ද?

:       3       0

Bamunuarachchi Friday, 23 August 2019 07:01 AM

225 දෙනාගේ උවදුරෙන් බේරෙන්න රටට ගිනිතියන්න වේවිද?

:       0       0

Bamunuarachchi Friday, 23 August 2019 07:04 AM

අර රතු ටී ෂර්ට් හාදයා ගින්න නිවන්න හදනවා වගෙයි මට එකපාරට පෙනුනේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site