(අජන්ත කුමාර අගලකඩ)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ මත්ද්‍රව්‍ය සෝදිසි කිරීමට සුනඛයන් 20ක් පිටරටින් ගෙන්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
මේ සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
මෙම එක් සුනඛයකු සඳහා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් වැය කෙරෙන අතර සුනඛයන් ආනයනය කිරීම සඳහා රුපියල් හාර කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් වෙන් කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
COMMENTS
මුහුදෙන් එන කුඩු අල්ලන්නේ කොහොමද ?
අපේ රටේ හැමතැනකම, හැමෝටම වදයක්වී තිබෙන බලු වසංගතය අවසන්කිරිම සඳහා උන්ගෙන් ටිකක් අල්ලා හොඳට කන්න බොන්න දී, මත්කුඩු සෙවීම සඳහා පුහුණුවක් දුන්නොත් රටට කොතරම් වටිනා විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට පුලුවන්ද?
මුහුදෙන් එන කුඩු අල්ලන්න මාළු පුහුණු කරමු .
ඉතාමත් හොඳ පියවරක්. මත්ද්‍රව්‍ය සාමාන්‍යයෙන් x _ray වැනි යාන්ත්‍රික ක්‍රම වලින් සොයා ගත නොහැකි නමුත්, සුනඛයන් හට ඉතා හොඳින් හඳුනාගත හැකිය.
සුනඛයන් යොදා කුඩු අල්ලා ටික දවසකින් චූදිතයන් ඇප පිට මුදා හරින එකේ වැඩක් තියෙනවද?
Kumar මයා වෙත, ඇයි වැඩක් නැත්තේ? ඒ ඔබට මට, අපට, වැඩක් නැත්තේ.
බල්ලන්ගේත් තියෙන්නේ ගිනි ගණන්නේ. මේ තියෙන්නේ ඇත්තම ගණන්ද කියලා සැකයි.
බල්ලෝ ගෙනෙන්න කලින් කුඩුවලට කප් ගහපු කට්ටියට ඇමැති තනතුරු දීලා හිටං ඔය වැඩේ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කළොත් හොඳයි...
එක බල්ලෙක් ලක්ෂ 23ක්... අපොයි රටේ ජනතාවගේ සල්ලි...
බල්ලන් මොකටද..? ඔය 225දෙනාගේ... ගෙවල් බැලුවා නම් ඕනෑතරම් හොයාගන්න පුළුවන්...
මේ සතා අපේ දේශපාලකයන්ට වඩා ස්මාට් පෙනුමක් තිබෙනවා...
ඒ බල්ලන් කුඩුවලට ඇබ්බැහිකර තිබෙනනිසා බව දන්නවාද?
"බල්ලන්ගේත් තියෙන්නේ ගිනි ගණන්නේ. මේ තියෙන්නේ ඇත්තම ගණන්ද කියලා සැකයි." බල්ලන් දේශපාලුවන්ට වඩා වටිනා බව පෙනෙනවානේද?