IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිලධාරියකු මෝටර් රථයක බොනට්ටුව මත සිටියදී අනතුරුදායක ලෙස මෝටර් රථය පදවා පසු ව එම පොලිස් නිලධාරියා අනතුරට ලක් කිරීමට යොදාගත් මෝටර් රථය තලංගම බටපොත දේවාල පාරේ නිවසක සඟවා තිබියදී අද සොයාගත් බව තලංගම පොලිසිය කියයි

වාහනය සඟවාගෙන සිටි එම නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

මෝටර් රථය සොයාගන්නා විට අංක තහඩු දෙක ගලවා තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

අංක තහඩු වාහන පිටුපස අසුන අසල සඟවා තිබී දී පොලිසිය මඟින් සොයාගෙන ඇත

ඉකුත් විසි වෙනි දින රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ජාවාරම්කරු මෝටර් රථය පණ ගන්වා පලා යාමට තැත් කිරීමේදී පොලිස් සැරයන්වරයා මෝටර් රථයේ බොනට්ටුව මතට පැන එය වැළැක්වීමට උත්සාහ දැරීමත් සමඟම සැකකරු සැරයන්වරයා ද රැගෙන පළා ගිය අතර කිලෝ මීටරයක් පමණ දුරකදී සැරයන්වරයා  මෝටර් රථයේ බොනට්ටුව මතින් බිමට වැටී තුවාල සිදුවී තිබිණි

සිද්ධියෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය මෝටර් රථය මෙම  නිවසට රැගෙන විත් සඟවා තබා තිබූ බව පොලිසිය කියයි

 



අදහස් (0)

කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site