(ආරියදාස කොඩිතුවක්කු සහ චන්ද්‍රෙස්න ගමගේ)
තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට අයත් වාහන තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව තංගල්ල මූළස්ථාන පොලිසිය පවසයි.
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථයක්, රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ටොයෝටා වර්ගයේ වෑන් රථ දෙකක් ද ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
නාකුළුගමුව ඉහළගොඩ කන්ද පාමුල වාහන තුන නවතා තිබියදී ගිණිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මාතර ගිනි නිවන ඒකකය සහ නාකුළුගමුව ඉහළගොඩ ජනතාව එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ ඒ වන විට රථ තුනම ගින්නෙන් විනාශ වී තිබූ බවත් පෙලිසිය පවසයි. රථවාහන තුනෙහි හිමිකරුවන් රන්න ප්‍රදේශයේ පදිංචි හිමිකරුවන්ය.
මේ සිද්ධිය තංගල්ල මූළස්ථාන පොලිසියට පැමිණිළිකර තිබේ. රජයේ මෝටර් රථ කොමසාරිස්වරයා ගෙන්වා ගින්න පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත.
(ඡායාරූප: චන්ද්‍රෙස්න ගමගේ)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටි 4ක වාහන තුනක් අළු වෙයි
ලුම්බිණි Friday, 04 March 2022 12:56 PM
නවතා තිබෙන වාහන තුනක් එකපාරටම ගිනි ගන්නේ නැතිබව ඕනෑම කෙනෙක් දන්නවා...
beau Friday, 04 March 2022 03:37 PM
මේ අය මොකටද ඔතැනට ගියේ...? මොකක් හරි හොර වැඩකට තමයි...!
fairoos Sunday, 06 March 2022 12:56 PM
ජාතිවාදය අවුස්සන්නයි යන්නේ...!