( රොමේෂ් මධුෂංඛ)

කිලිනොච්චිය පුනරීන් සීතාකුඩිඉරිප්පු කලපුව ප්‍රදේශයේදී රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා සහ නිතිවිරෝධී මත්පැන් තොගයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට යුදහමුදාව පවසයි.

 පුනරීන් 4 වන සන්නද්ධ බුද්ධි බලකායට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සීතාකුඩිඉරිප්පු කලපු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී අදාල සැකකරු සමග මෙම කේරල ගංජා සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරම සොයාගෙන තිබිණි.

එහිදී සැකකරු විසින් මුහුදු මාර්ගයෙන් කේරල ගංජා බොට්ටුවකින් රැගෙනවිත් කැබ් රථයකට පටවමින් සිටියදී යුදහමුදාව ඇත්අඩංගුවට ගැනීම සිදු කොට ඇත.

එහිදී පාර්සල් 66 ක තිබූ කේරල ගංජා කිලෝ 140 ක් සමගින් නීතිවිරෝධී මත්පැන් ලීටර් 20 ක් , බොට්ටුවක් සමගින් කැබ් රථයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට යුද හමුදාව සැක පල කරන අතරම සැකකරු කිලිනොච්චිය අන්පනගර් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අයෙකු වන අතර සැකකරු සහ කේරලගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුනරීන් පොලීසියට භාරදීමට කටයුතු කල බවට යුදහමුදාව වැඩිදුරටත් පැවසීය