(නිමන්ති රණසිංහ)
රුපියල් කෝටි 277කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 231ක් ඡාවාරම් කළැයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 11 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය.
මෙම එක් එක් සැකකරුවන් පිළිබඳව වූ චෝදනා සම්බන්ධයෙන් වෙන් වෙන්ම වාර්තාවක් එදිනට අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත‍්‍රාත්වරිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත නියෝග කළාය.
ඒ අනුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බේරුවල පදිංචි දිනයාදුර දුලිප් ලසන්ත ද සිල්වා (41) එම්. රික්සි මොහොමඩ් සහ දිනයාදුර දිලිප් සුසන්ත නැමැත්තන්ය.
මෙම සැකකරු 1984 අංක 13 අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ගයක් වූ හෙරොයින් කිලෝග‍්‍රෑම් 231කයි ග‍්‍රෑම් 54ක් ඡාවාරම් කර සන්තකයේ තබාගත්තැයි කියමින් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැකකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝටි 277 ක හොරොයින් ජාවාරම් කළ තිදෙනා යළි රිමාන්ඩ්