(ජයන්ත සමරකෝන්)
නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 200 ක් වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති කළ ප්‍රකාශය ඒ මහතා නොමඟ යැවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන සොයා බලා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (17) ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.
එහි වාර්තාව සති දෙකක් තුළ ලබාගත යුතු බවද මන්ත්‍රීවරයා දැනුම් දුන්නේය. මෙම බරපතල ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාව හා චීන රජයේ අභිමානයට බලවත් කැළලක් සිදුවී ඇතැයි ද චීන රජයෙන් ඒ සඳහා පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බවද කී මන්ත්‍රීවරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සැබෑ තත්ත්වය හෙළිකර ඇතැයි ද ඔහු කීවේය.
COMMENTS
හා ! එහෙම කෙරුවයි කියමුකෝ...!! ඉතින් නිකන් උඩ පනින්නේ නැතිව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විස්තර ඉල්ලන්න තිබුණනේ? තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ අනුමත කරනකොට හිටියේ බැංකොක් වලද? පාර්ලිමේන්තුව තුළ නොවේනේ සිද්ධිය වුනේ, පාර්ලිමේන්තුව පිටදී. හරි විස්තර දැනගෙනම මාධ්‍යයට කීවානම් සම්පූර්ණයෙන් විස්තර කාටකාටත් දැනගන්න තිබුණා. එහෙම නේද හොඳ?
හොරාට කලින් කෙහෙල් කැන වැට පනී.. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ දැනුණා.
ඔන්න බලල මල්ලෙන් එළියට පැන්නා. ඔිවා කරන කොට හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. වාර්තාව එනකොට තව කෝටි ගණන් මොන හොරකම් අහුවෙයිද දන්නේ නැහැ.
රුපියල් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් කියල වැරදි ගණන් කිව්ව එකට නම් ස්වාධීන ජනාධිපති කොමිසමක් ඉල්ලුවේ නැහැ නේද?
පුද්ගලික බැංකුවකින් ගත්තු ණය නොමඟ යැව්වා වගේද මේකත්..?
ඔව් කෝටි 200ක් වෙන්න බැහැ. මේක ලොකු බොරුවක් මේ ගොල්ලෝ ගැහුවා නම් කෝටි 500ක් වත් වෙන්නැති.
සංඛ, ඔයාට සිංහල කියවලා තේරුම් ගැනීමේ ශක්තියක් නැද්ද? ඔයා උප්පත්තියෙන්ම කොළ පාටද?
අවුරුදු 4ක් තිස්සේ හොරු එල්ලුවනේ. මේකත් හොයලා බලලා යමක් කරන්ට පුළුවන්නේ...
රුපියල් 2500 කින් පවුලකට මාසය ජීවත්වෙන්න පුළුවන් කියපු බන්දුලනේ.. මේ ඉතින් මෙයාගෙන් තව මොන කතාද?
කෝටි 200 ක් ගසා කාලා කරපු මේ වැඩෙන් පොදු ජනතාවට ඇතිවූ සෙත මොකක්ද? දේශපාලකයන් පොහොසතුන් වුණු එක පමණයි සිදුවෙලා තියෙන්නේ...
මොකටද මෙයා මෙච්චර කලබල වුනේ ?
මේ අර බැංකුවෙන් ණයක් ගන්නකොට බලන්නේ කියවන්නේ නැතුව අත්සන් කළ එක්කෙනා නේද?
අනේ සිරා, නොමඟ යවන්න... නේද ?