(තරිඳු ජයවර්ධන)
බලංගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවෙන් රුපියල් කෝටි 15ක මුදලක් රැගෙන පළා ගිය බව කියන එහි හිටපු කළමනාකාරිනිය මාස අටකට පමණ පසු අද (06) සවස අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය කියයි.
සැකකාර හිටපු කළමනාකාරිනිය සිය දරුවකු උසස් පෙළ විභාගයට යොමු කිරීමට පැමිණ සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
බලංගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ තැම්පත්කරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවකගේ කෝටි 15කට ආසන්න මුදලක් රැගෙන එහි කළමනාකරිනිය පළා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ 2018 නොවැම්බර් මාසයේ දී ය.
සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කර නියෝගයක් ලබාගෙන විමර්ශන සිදු කළ බවත්, ඇය තම දරුවා උසස්පෙළ විභාගයට යොමු කිරීම සඳහා පැමිණ ඇතැයි ලද තොරතුරක් අනුව මෙලෙස අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු සැකකාරිය හෙට (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ අධීක්ෂණයෙන් පින්නවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී අමරතුංග මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ අවිධිමත් මූල්‍ය ආයතන වල තමුන්ගේ මුදල් තැන්පත් කිරීමට ප්‍රථමයෙන් හොඳින් හිතලා බලන්න ඕනේ. දැනටමත් ගම්පහ සණස බැංකුව වැටිලයි තියෙන්නේ. තැන්පතුකරුවන්ගේ මුදල් වත් ආපහු ලබා දෙන්නේ නෑ
අයියෝ අපරාදේ ..අත්අඩංගුවට නොගන්න කියා අධිකරණ නියෝගයක් ගන්න තිබුනානේ .
අනේ නෝනත් දෙන එක දීලා තියෙනවා කෝටි 15 ක් ම. නරකම නැහැනේ මේ වැඩ.....පව් ඉගෙන ගන්න දරුවන් ඉන්න අම්මෙක් නේද? ඒ දරුවන්ටත් පාරේ බැහැල යන්න බැරි විදියටම වැඩේ කරලා. දියවන්නාඔයේ කට්ටියන්ගේ ගානටම මෙයත් පත්වෙලා..
අපරාදේ... අත් දෙක උස්සලා පොඩි හිනාවක් දාලා පත්තරේට සහ රූපවාහිනියට දැම්මා නම් මේ පාර නොමිනේෂන් ෂුවර්...
මූලික සුදුසුකම් සපුරා ඇති මෙතුමියත්, ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙනවද?
මේ තරම් මුදලක් තියා තිබුණේ බැංකුවේ ලාච්චුවේද?
ගම්පහ සණස හොරු ගැන පත්තර වල වැටෙන්න නැත්තේ මොකද? ස්ථාවර තැන්පතු කරුවන් 3000 කට කෝටි 300ක් ආපසු ගෙවීමට නොහැකි බව පවසා බංකොලොත් බව පවසා සිටිනවා. නමුත් හොරා කාපු අය තවමත් නිදහස්. බන්කොළොත් කරපු කෙනා තවමත් නිදහස්.... ඔහු පසුගිය කාලයේ ගම්පහ රෝහලට ගොඩනැගිලි සාදා පරිත්‍යාග කළා. නමුත් දැන් අසරණ තැන්පතු කරුවන්ට මුහුණ දෙන්නේ නැහැ...