(රොමේෂ් මධුෂංඛ)
යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් විසින් යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේ 14 දා රාත්‍රියේ මුර සංචාරයේ යෙදුණු අවස්ථාවේදී සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය වී එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ සැක සහිත ඩිංගි යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර තිබේ.
ඒ අනුව, නාවික හමුදා යාත්‍රාව මගින් එම සැක සහිත යාත්‍රව පසුපස හබා ගොස් එම යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගනු ලැබීමෙන් පසුව යාත්‍රාවේ කළ සෝදිසි මෙහෙයුමේදී මෙම රත්‍රං සහිත පාර්සලය සොයා ගැණිනි.
එලෙස සොයා ගන්නා ලද පාර්සලය තුළ රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක රන් කැබිලි වශයෙන් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි 11 කට අධික වෙතැයි නාවික හමුදාව ගණන් බලා ඇත.
නාවික හමුදා බාරයට ගන්නා ලද සැකකරුවෝ 27 වන වියෙහි පසුවන අතර, මාදගල් ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.
රත්ත්‍රන් තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
නාවික හමුදා බාරයට ගන්නා ලද රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350 ක ප්‍රමාණය හා සැකකරුවන් දෙදෙනා සමඟ ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත බාරදීමට නියමිය.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 11 රත්‍රං තොගයක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට