
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 10 අධික වටිනා කේරළ ගංජා තොගයක් ඩිංගි යාත්‍රා යාත්‍රාවක් මගින් මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී සැකකරුවන් තිදෙනකු සමඟ යාපනය අනලතිව් දූපත් ආසන්නයේ දී අද (12) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එම යාත්‍රාවේ කේරල ගංජා කිලෝ 345 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, මොවුන් මේවා ගොඩබිම වෙත රැගෙන යමින් තිබූ බවද නාවික හමුදාව කියයි.
අනලතිව් දූපත් ආසන්නයේ මුර සංචාරයේ නිරත නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා වක් විසින් මෙම සැකකටයුතු ඩිංගි යාත්‍රාව දැක එය නවතා පරික්ෂා කිරීමේදී එහි තුළ තිබී මෙන්ම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් 34-38 යන වයස්වල පසු වු පුද්ගලයන් බවත් ඔවුන් මන්නාරම, කව්විකුඩා, යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බව ද බවද කියති.


COMMENTS