
(නයනජීව බණ්ඩාර)
මොණරාගල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
ඔහු විසින් පොලිස් ස්ථානාධිපතිවරයා තමන් නොමැති අවස්ථාවේ නිවසට පැමිණ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් කළේය.
මේ වන විටත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා හෙල්මටය අදාළ පුද්ගලයා සන්තකයේ පවතින අතර ඉදිරි විමර්ශනවලදී ඒවා ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.
ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ නියෝග මත විමර්ශනයක් ද ආරම්භ වී තිබේ.
තමන් ඉකුත් 6 වැනිදා නිවසින් බැහැරව ගොස් නැවත රාත්‍රී 11.30ට පමණ නිවසට පැමිණෙන විට පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ කාමරයක සිටි බවත්, පසුව තමා පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා බිරිඳගේ ජංගම දුරකතන ගත් බවත්, එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ ඉදිරි දොර විවෘත කරගෙන පලා යාමට උත්සහ දරා ඇති බවත් ඒ අවස්ථාවේෙ තමා පොලිස් ස්ථානාධිපතිවරයා පසුපස එලවාගෙන ගිය බවත්, එවිට ඔහු පය පැටලී ඇද වැටුණු විට ජංගම දුරකතනයේ එළියෙන් ඔහුව හඳුනාගත් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පොලිස් ස්ථානාධිපතිවරයා තම නිවසට පැමිණ තිබුණේ යතුරු පැදියකින් බව ද ඔහු පවසා ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා, මොණරාගල සහකාර පොලිස් අධිකාරී එස්.පී.කේ ගාල්ලගේ මහතාට උපදෙස් දී ඇකි අතර ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.
COMMENTS
පොලීසියේ බලට අරන් ගැහැණු ඩැහැගන්න මේ වගේ අය පොලිසියෙන් අයින්ම කරලා දාන්න ඕනේ...
දන් දෙනවා කියල වචනයක් තිබුනට දන් ගන්නවා කියල වචනයක් නැහැ නේද? හැබැයි එක හිතින් දන් දෙන කෙනාට ලැබීමත් ඒ වගේමයි කියල දන් දෙන අය දන්නවා. ආදරෙත් ඒ වගේ. ඒක තියෙන්නේ දෙන්න විතරයි. ගන්න නෙවෙයි. ආදරේ ගන්න බලන් හිටියට කවදාවත් ලැබෙන්නේ නැ. එතකොට ලැබෙන්නේ ප්‍රශ්න විතරයි. දන් දෙනවා වගේ ආදරෙත් දෙන්න. එතකොට ඔයාටත් ලැබෙයි.
පොලිස් රාජකාරි කරන කොට රැයද දවාලද කියල බල බල ඉන්න බැහැනේ.
මා දන්නා පරිදි කොටු පැනීම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවකි...
ඕ.අයි.සී. පොලිසියේ පුටුවේ ඉන්නකම් විතරයි චණ්ඩියා කියන්න හොඳම උදාහරණේ...
එම පොලිස් නිලධාරියා පමණක් නොව ඔහුට එම අවස්ථාව ලබාදුන් කාන්තාවද වරදට සමසමව වගකිව යුතුයි..
මරු පොලිස් ස්ථානාධිපති, රෝන්දෙ ගිහින් සිවිල් වැසියෙක් පන්නාගෙන එනකොට දුවලා ගිහින්වත් බේරෙන්න බැරි අපූරු පොලිස් කාරයෙක්...!
හරිනම් මේ මිනිහව ඕඅයිසී පුටුවෙන් පන්නලා, පාරේ සාමාන්‍ය රාජකාරිවලට දාන්න ඕනේ.
කොරෝනා බෝ කරගන්න කියාපු වැඩේ...
සමහරවිට රාජකාරි කටයුත්තක් නිසා බැලීමට යන්න ඇති.
මට තේරෙන්නෙ නෑ මොකක්ද මෙතන සිද්ධ වෙච්ච වැරදි වැඩේ කියලා. කාන්තාවගේ ආරාධනාව පිට ඇගේ කැමැත්තෙන් රාජකාරී නොවන වෙලාවට මෙහෙම යන්ඩ බැරිද?