IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


කොටු පැන්න ඕ.අයි.සී ජංගම දුරකතනයෙන් මාට්ටු

(නයනජීව බණ්ඩාර)

මොණරාගල පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු බව කියන අයකු තම අනියම් පෙම්වතියගේ නිවසට ගොස් ඇය සමඟ සිටියදී නිවසට පැමිණි ඇගේ සැමියා එම පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා පොලීසියට අයත් සුදු පැහැති හෙල්මටය තමා භාරයට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් පොලිස් ස්ථානාධිපතිවරයා තමන් නොමැති අවස්ථාවේ නිවසට පැමිණ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් කළේය.

මේ වන විටත් පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකතනය හා හෙල්මටය අදාළ පුද්ගලයා සන්තකයේ පවතින අතර ඉදිරි විමර්ශනවලදී ඒවා ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.

ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතාගේ නියෝග මත විමර්ශනයක් ද ආරම්භ වී තිබේ.

තමන් ඉකුත් 6 වැනිදා නිවසින් බැහැරව ගොස් නැවත රාත්‍රී 11.30ට පමණ නිවසට පැමිණෙන විට පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ කාමරයක  සිටි බවත්, පසුව තමා පොලිස් ස්ථානාධිපතිවරයාගේ හා බිරිඳගේ ජංගම දුරකතන ගත් බවත්, එම අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා නිවසේ ඉදිරි දොර විවෘත කරගෙන පලා යාමට උත්සහ දරා ඇති බවත් ඒ අවස්ථාවේෙ තමා පොලිස් ස්ථානාධිපතිවරයා පසුපස එලවාගෙන ගිය බවත්, එවිට ඔහු පය පැටලී ඇද වැටුණු විට ජංගම දුරකතනයේ එළියෙන් ඔහුව හඳුනාගත් බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා තම නිවසට පැමිණ තිබුණේ යතුරු පැදියකින් බව ද ඔහු පවසා ඇත.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මොණරාගල පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා, මොණරාගල සහකාර පොලිස් අධිකාරී එස්.පී.කේ ගාල්ලගේ මහතාට උපදෙස් දී ඇකි අතර ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ විමර්ශනය ආරම්භ කර තිබේ.

 



අදහස් (12)

කොටු පැන්න ඕ.අයි.සී ජංගම දුරකතනයෙන් මාට්ටු

kumarage Friday, 08 October 2021 11:23 PM

පොලීසියේ බලට අරන් ගැහැණු ඩැහැගන්න මේ වගේ අය පොලිසියෙන් අයින්ම කරලා දාන්න ඕනේ...

:       1       5

අරුණ Saturday, 09 October 2021 01:44 AM

දන් දෙනවා කියල වචනයක් තිබුනට දන් ගන්නවා කියල වචනයක් නැහැ නේද? හැබැයි එක හිතින් දන් දෙන කෙනාට ලැබීමත් ඒ වගේමයි කියල දන් දෙන අය දන්නවා. ආදරෙත් ඒ වගේ. ඒක තියෙන්නේ දෙන්න විතරයි. ගන්න නෙවෙයි. ආදරේ ගන්න බලන් හිටියට කවදාවත් ලැබෙන්නේ නැ. එතකොට ලැබෙන්නේ ප්‍රශ්න විතරයි. දන් දෙනවා වගේ ආදරෙත් දෙන්න. එතකොට ඔයාටත් ලැබෙයි.

:       1       5

ලුම්බිණි Saturday, 09 October 2021 04:13 AM

පොලිස් රාජකාරි කරන කොට රැයද දවාලද කියල බල බල ඉන්න බැහැනේ.

:       0       5

පිටිගල මිලානෝ Saturday, 09 October 2021 08:47 AM

මා දන්නා පරිදි කොටු පැනීම ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවකි...

:       0       8

Don Saturday, 09 October 2021 09:23 AM

ඕ.අයි.සී. පොලිසියේ පුටුවේ ඉන්නකම් විතරයි චණ්ඩියා කියන්න හොඳම උදාහරණේ...

:       0       9

කිරි පුතා Saturday, 09 October 2021 10:04 AM

එම පොලිස් නිලධාරියා පමණක් නොව ඔහුට එම අවස්ථාව ලබාදුන් කාන්තාවද වරදට සමසමව වගකිව යුතුයි..

:       0       8

JAYATH Saturday, 09 October 2021 10:34 AM

මරු පොලිස් ස්ථානාධිපති, රෝන්දෙ ගිහින් සිවිල් වැසියෙක් පන්නාගෙන එනකොට දුවලා ගිහින්වත් බේරෙන්න බැරි අපූරු පොලිස් කාරයෙක්...!

:       0       12

RaveendraSaturday, 09 October 2021 11:21 AM

මිලකළ නොහැකි වටිනා නිල ඇඳුමේ මළපහ කළා මදිවට හතර වටේ එම ඇඳුමෙන්ම දුවනවා. මහජන මුදලින් නඩත්තු වන පොලිසියේ අදාළ නිලධාරින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මෙම "පොලිස් ස්ථානාධිපතියාගේ" සියලු විස්තර මාධ්‍යයට හෙළි කර පොලිසියේ වටිනා නිල ඇඳුමට පරිභව කළ මේ "ස්ථානාධිපතිට" උපරිම දඬුවම් ලබා දෙන ලෙසයි... පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්ම නිලධාරියාට මෙම අදහස් වෙනසකින් තොරව කියවීමට වාසනාව උදාවේවා..!

:       1       10

sira Saturday, 09 October 2021 11:29 AM

හරිනම් මේ මිනිහව ඕඅයිසී පුටුවෙන් පන්නලා, පාරේ සාමාන්‍ය රාජකාරිවලට දාන්න ඕනේ.

:       0       8

Rohana Saturday, 09 October 2021 02:43 PM

කොරෝනා බෝ කරගන්න කියාපු වැඩේ...

:       0       2

Pathum Saturday, 09 October 2021 03:14 PM

සමහරවිට රාජකාරි කටයුත්තක් නිසා බැලීමට යන්න ඇති.

:       0       4

ජෝසප් පෙරේරා Sunday, 10 October 2021 08:17 AM

මට තේරෙන්නෙ නෑ මොකක්ද මෙතන සිද්ධ වෙච්ච වැරදි වැඩේ කියලා. කාන්තාවගේ ආරාධනාව පිට ඇගේ කැමැත්තෙන් රාජකාරී නොවන වෙලාවට මෙහෙම යන්ඩ බැරිද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1499 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1334 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 476 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site