(සිතුම් චතුරංග)
වෑන් රථයක සඟවා යාපනය සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි දෙකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙකක් සහ කේරළ ගංජා කිලෝ 25 ක් සමඟ පුද්ගලයකු පේදුරුතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි
අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කොළඹ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වෙත ලබාදීම සඳහා පේදුරුතුඩුවේ සිට ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය පැවසූයේ අයිස් නැමති මත්ද්‍රව්‍ය සමඟ වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ විමර්ශනවලදී කේරළ ගංජා කිලෝ 25 ප්‍රමාණය සොයාගෙන ඇති අතර සැකකරු කේරළ ගංජා තොගයද කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සුදානමින් සිට ඇති බවයි.
මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු හා මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවටගෙන තිබේ.
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් අයිස් සහ කේරළ ගංජා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇති බවට විශේෂ කාර්ය බලකා නිලධාරීන් සැකපලකරති. අයිස් මත්ද්‍රව්‍ය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලා වෙත අලෙවි කරන බවටද තොරතුරු අනාවරණයවූ බවද විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හා මත්ද්‍රව්‍ය යාපනය පේදුරුතුඩුව හා වැල්වැටිතුරෙයි පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.ඩි.කේ හෙට්ටිආරච්චි , සහකාර පොලිස් අධිකාරී නානායක්කාර මහත්වරුන්ගේ උපදෙස් මත යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක් කුමාර් මහතාගේ අධීක්ෂණය හා මෙහෙයවීම මත විශේෂ කාර්ය බලකා නිලධාරීහු වැඩිදුර විමර්ශන කරති.


2025 නොවැම්බර් මස 21
60
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
159
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1013
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කෝටි දෙකහමාරක අයිස්-කේරළ ගංජා සමඟ අයෙක් අල්ලයි