(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු තොගයක් සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 230 ක ආසන්න ප්‍රමාණයක් තිබී ඇත .
මේවා පාර්සල් දෙකක් වශයෙන් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසයි
සැකකරු වැඩිදුර ප්‍රශ්න පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
COMMENTS
කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. එවෙලේම ඕවා විනාශ කරනවා පෙන්නන්න පුළුවන්ද? ආයේ ඕවා ජාවාරම් වෙනවා.
කුඩුනම් නිතරම වගේ අල්ලනවා.. ඒවට මොනවා වෙනවද කියලා කවුද දන්නේ...? කුඩුවලින් මේ රට විනාශ කරන්ඩ හදන එවුන්ට හෙන ගැහුවත් මදි.