(ඉන්දිකා රාමනායක)
මෙරට සංචාරක හෝටල් වලට සහ ආපන ශාලා වලට කේක් සහ කෙටි ආහාර සපයන ප්‍රමුඛ පෙළේ සමාගමකට අයත් වත්තල හැදල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක් වටලා කල් ඉකුත් වූ කේක් සහ බේකරි අමුද්‍රව්‍ය කිලෝ 17,500 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
අත්අඩංගුවට ගත් අමුද්‍රව්‍ය වල වටිනාමක රුපියල් කෝටි 1 1/2 ට අධික බව එම අධිකාරිය පැවසීය.
මෙම ස්ථානය වටලන අවස්ථාවේ එහි සේවකයන් පිරිසක් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය වල ලේබල් ඉවත් කර ඒවා සඳහා නව ලේබල් අලවමින් සිටි බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ස්ථානය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියට ලැබුණු තොරතුරක් මත ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරි ඒකකය හා විශේෂ කාර්ය බලකාය එක්ව අද (02) මෙම වැටලීම සිදුකර තිබිණි.
මෙම ස්ථානයේ තිබී අත්අඩංගුවට ගත් කස්ටඩ් පවුඩර්, පාන් සෑදීමට ගන්නා වෝල් කොර්න්, මෆින් මික්ස්, ප්‍රේස්ට්‍ර් සඳහා භාවිතා කරන බටර් වර්ග, සමෝසා සෑදීමට ගන්නා පිටිවලින් සෑදු ෂීට්, කේක් සැරසිලි අමුද්‍රව්‍ය, වැනිලා, ඇපල් බීම, වර්ග තිබූ බවත් මේවා 2019.5.13 දින හා 2019.12.06 කාලය අතර කල් ඉකුත් වූ ඒවා බවද පාරිභෝගිය අධිකාරි පවසයි.
මෙම ප්‍රධාන පෙළේ ආයතනය ආහාර නිෂ්පාදන සහ අවන්හල් ජාලයක් පවත්වාගෙන යාමට අමතරව බේකරි නිෂ්පාදන සහ කේක් අමුද්‍රව්‍ය ඇමරිකාව, ඩුබායි, ජර්මනිය, යන රටවල් වලින් ආනයනය කර වෙළෙඳ පොළට හා සංචාරක හෝටල් වලට සැයපීම සිදුකරන බවට විමර්ශණයේ දී හෙළි වු බවද පාරිභෝගිය අධිකාරිය සඳහන් කරයි.
අදාල සමාගමට එරෙහිව ඉදිරි සතියේ නඩු පැවරීමට නියමිතව ඇති අතර එම කල් ඉකුත් වූ භාණ්ඩ සහිත ගබඩාවට මුද්‍රා තබා එයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් නොදන්නවාට මේ වගේ තැන් තව ඕනෑතරම් තියෙනවා.
ප්‍රමුඛ පෙළේ සමාගමක් කිව්වට වැඩක් නැහැනේ.. පාරිභෝගිකයින්ට දැනගන්න ආයතනයේ නම ප්‍රසිද්ධ කළ යුතුයි.
කරුණාකර මෙම පාදඩ වෙළෙඳ ආයතනයේ නම ප්‍රසිද්ධ කර මහජනතාව දැනුවත් කරන මෙන් අප අදාල ආයතනවලින් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් එයත් එක් ක්‍රමයක්... මෙවන් බලුවැඩ කිරීම වළක්වාලීමට. නම කැත වුණොත් වෙළඳාම ඉවර වන බැවින් එම බියම ඇති මෙවන් තුප්පහි වැඩ නැවත්වීමට. හිඟන ආයතනයේ නම්, අයිතිකරුගේ පැටිකිරිය, ඡායරූප වැනිදෑ දැමීමෙන් මහජනතාවට සෙතක් වෙනවා හැර අවැඩක් නොවන බව ස්ථිරයි...
මේවා එතරම් අහිතකර නැහැ. සති කිහිපයයි පරණ.
පොඩි මිනිහෙක්ගේ ව්‍යාපාරයක් මෙහෙම අහුවුණා නම් අපේ රටේ මාධ්‍ය ඒ ආයතනයේ ඔක්කොම එයාගේ පැටිකිරිය කියලා දමනවා. හැබැයි ලොකු ව්‍යාපාරවලින් මාධ්‍ය යැපෙන නිසා කිසිවක් ජනතාවට කියන්නේ නැහැ. මාධ්‍ය ගතයුත්තේ ජනතාවගේ පැත්තද ජනතාවට ජරාව කවන අයගේ පැත්තද? කියලා...
හෙට, අනිද්දා වෙනකොට ඇමතිතුමාගේ නියෝගයෙන් ඕවා අපේ කඩවලට එයි. බයවෙන්න එපා.
මම හිතන්නේ වරදක් කළත් සිතකින් නොවෙයි වෙන්න ඇති.
රටේ මිනිසුන්ගේ ජීවිත වලට වගකියන්න බැහැ කියන එක මේ සමාගමේ නම හෙළිදරව් නොකිරීමෙන් පේනෙනවා නේද? එහෙම නැතිනම් කව්රුහරි ලොක්කෙක් මේක හෙළිකරන්න එපා කියනවද?
මේ වගේ මිනිස්සු කන බොන දේ වලට හොර බොරු කරන අයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දිය යුතුයි