IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කෝටි එකහමාරක කේරළ ගංජා අල්ලයි

 

(පද්මා කුමාරී කංකානම්ගේ)

අඩම්පන් පොලිසිය විසින් අද (20 ) දවස පුරා කරණ ලද මෙහෙයුමකින් කෝටි එකහමාරක් වටිනා කේරළ ගංජා තොගයක් සමග සුඛෝපහෝගී වෑන් රියක්, කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බැව් අඩම්පන් පොලිසිය පවසයි.

සැකකරු වේප්ප කුළම පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර 44 හැවීරිදි කාන්තා සැක කාරිය වෙඩිතලතිව් පදිංචි අයෙකි.

අද (20) දින මධ්‍යනයේ අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලාඅරච්චි මහතාට ලද තොරතුරකට අනුව මන්නාරම යාපනය ඒ.31 මාර්ගයේ 91 වන කිලෝ මීටර කණුව අසළ ක්ෂණික මාර්ග බාධකයක් යොදා රථ වාහන පරීක්ෂා කොට ඇත.

එහිදී සුඛෝපබෝගී වෑන් රීයක සීරු මාරු කළ හැකි අසුන් අතර, නිතර නිරීක්ෂණයට ලක් නොවන ස්ථානයක සූක්ෂමව අසුරා තිබූ කේරළ ගංජා කීලෝ 14 ක් සොයා ගෙන ඇත.

වෑන් රියේ රියදුරුගෙන් වැඩි දුර ප්‍රශ්ණ කිරීමේ දී මෙම  කේරළ ගංජා වෑන් රියට පැටවූ මන්නාරම කළපු තීරය  අණාවරණය වී ඇත. එම ස්ථානයේ තිබී කේරළ ගංජා හිස් ඇසුරුම් දෙකක් සොයා ගෙන ඇත. පොලිස් සුනඛ මොලීගේ සහායෙන් තවත් කේරළ ගංජා කිලෝ 6 ක් සහ 26 ක් වෙඩිතලතිව් හී ධීවර නිවාස දෙකක සගවා තිබිය දී එක් සැක කාරියකද සමගින් සොයා ගෙන ඇත.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.  මන්නාරම කොට්ඨාශය හාර ජේෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීර සිංහ මහතාගේ උපදෙස් පරිදි අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත් වේ.

 



අදහස් (1)

කෝටි එකහමාරක කේරළ ගංජා අල්ලයි

කමල් Monday, 21 December 2020 03:10 AM

අනේ මේවා නිදහස් කරන්න. මේවා පාවිච්චි කරලා කවුරු හරි පැණියක් හදන්නද දන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site