(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන ‘සියලු කොටස් මිල දර්ශකය’ අද (29) ඒකක 112.22 කින් එනම් සියයට 1.92කින් ඉහළ ගියේය.
ඊට අමතරව ‘එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය ඒකක 61.26කින් එනම් සියයට 2.04කින් ඉහළ ගියේය.
පසුගිය සිකුරාදා (26) දිනය අවසන් විට ‘සියලු කොටස් මිල දර්ශකය’ අවසන් වනවිට ඒකක 5,831.96ක් ලෙස දැක්වුණු අතර අද (29) එය 5,944.18ක් දක්වා වැඩි වූ අතර එදිනම ඒකක 2,997.33ක් ලෙස දැක්වුණු ‘එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා 20’ මිල දර්ශකය අද (29) ඒකක 3,058.59ක් දක්වා වර්ධනය විය.
මෙම වර්ධනය තාවකාලික බවත් දීර්ඝ කාලීනව මෙම වර්ධනය පවත්වා ගැනීමට නම් රටේ දේශපාලන තත්ත්වය ස්ථාවර විය යුතු බවත් ඬේලිමිරර් පුවත්පත අද (29) වාර්තා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන ස්ථාවරත්වය තිබ්බා නම් රනිල් මහත්තයා ඉන්න කොට ඉන්ඩෙක්ස් එක 6700 ඉඳලා 5700 ට වැටුනේ කොහොමද? මහින්ද මහත්තයා එන ආරංචියටයි ආපු අගමැති වුණු නිසා තමයි වැඩි වුනේ... හැබැයි ඉස්සර ඔහොම වුනේ යූ.එන්.පී. ආණ්ඩුවක් එනවා කිව්වම... දැන් ඒ වගේ පල්ලෙහා තත්වෙකට තමයි. යූ.එන්.පී. පාලනය වැටිලා තියෙන්නේ...
මේක මහින්ද නිසා වෙන්නත් පුලුවන් මොකද දේශිය අයෝජකයෝ සහ ව්‍යාපාරිකයෝ දැඩි කනස්සල්ලෙන් හිටියේ මංගලගේ පිස්සු වැඩ නිසා.
මහින්ද ගැන දැන් ව්‍යාපාරිකයොත් විශ්වාසේ තියලා.
හොරකම් කරපු සල්ලි ඔක්කොම දාලද දන්නේ නෑ වෙළඳ පොලේ එකපාර වර්ධනයක් වුනේ...... රටේ දේශපාලන ස්ථාවරභාවය තමා මේ දේවල් වලින් පේන්නේ.... සුභ අනාගතයක් මගේ රටට
පසුගිය සිකුරාදා දක්වා පැවති රජය අපහසුතාවයට පත්කිරීමට මුදල් සඟවා සිට ( නැවත ආයෝජනය කලා විය නොහැකිද
කළු සල්ලි සුදු කරන්න කියාපු තැන මෙතන. ආදායම් බද්දෙනුත් නිදහස්. හංගගෙන හිටිය සල්ලි මිටි එලියට ගත්තම අපට ඉතින් හෙන ජොලි.