(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතර පැය 6ක පමණ කාලයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් අද(20) මගීහු පීඩාවට පත් වූහ.
බිදුණුවැව ප්‍රදේශයේ පැවැත්වෙන සම්මුඛ පරික්ෂණයක් සදහා පෙනී සිටීමට යමින් සිටි අයදුම්කරුවන් විශාල පිරිසක් දැඩි අසිරුතාවයට පත් වි සිටියහ.
අලුයම 1.30 ට හැටන් දුම්රිය ස්ථානය වෙත ළගාවීමට තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිමේ ඇති වුවේ යැයි කියන කාර්මික දෝෂයක් හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයට එම දුම්රිය අද (20) පැමිණියේ උදැසන 7.30 ට පමණය.
දිනපතා රාත්‍රී 7.00 ට කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන රාත්‍රී තැපැල් දුම්රිය සාමාන්‍යයෙන් පසු දින උදැසන 7ට බදුල්ල දුම්රිය ස්ථානය වෙත ළගාවීමට නියමිතය.
කාර්මික දෝෂ හේතුවෙන් එම දුම්රිය වටනල දුම්රිය ස්ථානයට නුදුරින් පැය කිහිපයක් නතර කර තිබුණි. වෙනත් දුම්රියක එන්ජිමක් ආධාරයෙන් එම දුම්රිය බදුල්ල දක්වා ගමන් ආරම්භ කිරීමට පැය 6 පමණ කාලයක් ප්‍රමාදවීම හේතුවෙන් හැටන් සිට මහනුවර දක්වා දිනපතා ධාවනය වන මගී ප්‍රවහන දුම්රිය ද හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළේ උදෑසන 7.00 ට පමණය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් හැම රාජකාරියක්ම හැර ස්ට්‍රයික් විතරයි පිළිවෙලක් ඇතුව කරන්න දන්නෙ.....
කෝච්චියක් තම ගමන ආරම්භ කලාට පස්සේ කිසිම විශේෂ හේතුවක් නැතුව කාර්මික දෝෂයකට ලක්වෙලා නවතිනවා නම් එ්ක නඩත්තු කරන කාර්මිකයන්ගේ දුර්වලතාව එතනින් පෙනෙනවා . එවැනි පුද්ගලයන් ඔතන වැඩ කරනවා නම් ඔවුන්ව ඒ රැකියාවට සුදුසු නැහැ . ඔවුන්ව අයින් කළ යුතුයි .