IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කටාරයේ සිටින ලාංකිකයින්ගෙන් ඔක්සිජන් සිලින්ඩර් 85ක්

( තිළිණි ද සිල්වා )

රජයේ රෝහල් වෙත බෙදා හැරීම සදහා කටාරයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හා කටාරයේ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙරටට වෛද්‍ය ඔක්සිජන් සිලින්ඩර 85ක් පරිත්‍යාග කළ බව එම තානාපති කාර්යාලය කියා සිටී.

තානාපති කාර්යාලය විසින් පහසුකම් සපයන ලද වෛද්‍ය ආධාර සහිත සිව්වැනි ගුවන් භාණ්ඩ තොගය මෙය වන අතර මෙම ඔක්සිජන් සිලින්ඩර තොගය මේ වනවිට විදේශ අමාත්‍යාංශයට භාර දෙන ලද කොවිඩ්-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට සහාය දැක්වීමක් ලෙස ලබා දුන් මෙම පරිත්‍යාග සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා රජයේ රෝහල් අතර බෙදා හැරෙනු ඇතැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

රටේ පවතින බරපතල තත්ත්වය සම්බන්ධයෙන් කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති එම්. මෆාස් මොහිදීන් මහතා ලාංකික ප්‍රජාව හමුවේ කරන ලද හදිසි ඉල්ලීමකින් පසුව මෙම පියවර ගන්නා ලදි. .

ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මගපෙන්වීම මත, දෝහා හි පිහිටි ශ්‍රී ලාංකික විධිමත් හා අවිධිමත් සංගම් 20කට අධික සංඛ්‍යාවක් සහ ලුලු සමූහය සහ කටාර්හි වටාඩ් සමූහය පසුගිය මාස දෙකක කාලය තුළදී ඔක්සිජන් සිලින්ඩර 460 ක්, ස්පන්දන ඔක්සිමීටර 22 ක් සහ ඔක්සිජන් නියාමන උපකරණ 10 ක් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශයට ලබා දීමට සහ “ඉටුකම - කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” වෙත කටාර් රියාල් 5,000/- ක මුදලක් ලබා දී ඇත.



අදහස් (1)

කටාරයේ සිටින ලාංකිකයින්ගෙන් ඔක්සිජන් සිලින්ඩර් 85ක්

මුණසිංහ Wednesday, 21 July 2021 07:40 PM

මව්රට වෙනුවෙන් කල මහඟු සේවයක් . ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා .

:       0       120

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site