අංජුල මහික වීරරත්න
එදා දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ප්‍රශ්න ගැන කතා කරන විට ‘කොටියා’ යනුවෙන් කෑ ගැසූ අය අද එහි මන්ත්‍රීවරයෙක් මහින්දට සහාය දෙන විට නිහඬව ඉන්නේ කොටියා එක්වරම පූසා වූණා දැයි එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය.
බලය ගත යුතු නම් ප්‍රභාකරන් සමඟ වුවද එකතු වන ජාතියේ කණ්ඩායමක් සමඟ දැන් අරගල කරන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ඇදගෙන ගිහින් බලෙන් ඇඳුම් අන්දවා ඇමැතිකමක් දේවි යැයි බිය නිසා දැන් තමා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් තෝරාගෙන තිබෙන බවද රහුමාන් මහතා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොටියා එක්වරම පූසා වූණා දැයි මුජුබර් අහයි