(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් නවීන සුභෝපභෝගි මෝටර් රථයකින් හම්බන්තොට සිට මීගමුව බලා රැගෙන එමින් සිටි ජාවාරම්කරුවකු මීගමුව කුරණ ප‍්‍රදේශයේ දී සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
හම්බන්තොට පදිංචි (38) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව ග‍්‍රෑම් 700 යි මිලි ග‍්‍රෑම් 100 ක ප‍්‍රමාණයක් සහිත පාර්සලයක් තිබු බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
මෙම සැකකරු කාලයක පටන් සිය මෝටර් රථයෙන් හම්බන්තොට සිට මීගමුවට මත්කුඩු ප‍්‍රවාහනය කරන බවට සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ ලෙස විමර්ශනය කිරීමෙන් පසු පෙරේදා (31 )සවස 6.00 ට පමණ මෙම සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව උසස් සුරාබදු නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු හෙරොයින් තොගයක් රැගෙන මීගමුව පැමිණෙන බවට ලැබුණ තොරතුරක් අනුව සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා පස්වරු 6.00 ට පමණ
අත්අඩංගුවට ගත් සැකකරු අද (1) පස්වරුවේ මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටියක මත්කුඩු මීගමුවෙන් අල්ලයි