IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටියක මත්කුඩු තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ එච්.එම් ධර්මපාල) 

ගෝනපල බටුවිට පාරේ නිවසක හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය.

එම මත්කුඩු තොගය සමග ලක්ෂ තුනකට ආසන්න මුදලක් ,තියුණු ආයුධ හා මත්කුඩු එතීමට ගන්නා උපකරණ රැසක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ ගෝනපොල පදිංචි වයස අවුරුදු 23 සහ 35 වියේ පසුවෙති.

මොවුන් දෙදෙනා වසරකට පෙර හෙරොයින් ජාවාරමේ නියුතුව සිටිමින් දෙහිවල ගල්කිස්ස, පානදුර, මොරටුව බණ්ඩාරගම, පිළියන්දල, කොට්ටාව, බොරලැස්ගමුව, මහරගම යන ප්‍රදේශ වලට විවිධ ජාවාරම්කරුවන් හරහා හෙරොයින් කිලෝ 10 කට අධික ප්‍රමාණයක් අලෙවිකරමින් මුදල් උපයා ඇතැයි ද සිදුකළ මුලික විමර්ශනයේදී හෙළවී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

කෝටියක මත්කුඩු තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site