(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටියකට අධික වටිනා මත්කුඩු තොගයක් සමග 31 හැවිරිදි කාන්තාවක් බියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය  සන්තකයේ හෙරොයින් කිලෝ 1 යි,  ග්‍රෑම්  13 ප්‍රමාණයක් තිබී ඇත.

පොලිසිය විසින් බියගම මංකඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි.