(යොහාන් භාසුර)
රුපියල් කෝටියකට අධික (රුපියල් මිලියන 12) වටිනාකමින් යුත් ’කුෂ්‘ ගංජා ග්‍රෑම් 716 ක් බ්‍රිතාන්‍යයේ සිට එවන ලද පාර්සලයක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අද (9) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පාර්සල් 13 ක් පරීක්‍ෂා කළ බවත් බ්‍රිතාන්‍යයේ සිට කොළඹ, ගම්පහ සහ කළුතර ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත ව්‍යාජ ලිපිනයන්ට එවා තිබූ එම පාර්සල් තුළ මෙම ගංජා තොගය තිබූ බවත් රේගුව කියයි.
රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතු අවසානයේ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බවත් රේගුව වැඩි දුරටත් සඳහන් කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කෝටියකට අධික වටිනා කුෂ් ගංජා රේගු දැලේ
pitta Wednesday, 09 March 2022 04:19 PM
මෙතැන තියෙන්නේ ග්‍රෑම් 716 ද? කිලෝ එකටත් අඩුවෙන්නේ?
fairoosWednesday, 09 March 2022 07:24 PM
බර අඩුවෙන කොට වටිනාකම වැඩි වෙනවා... ඒකයි... !
sudha Wednesday, 09 March 2022 04:33 PM
හරියට හරි...! ගණන් වැරදිලද කොහේද?