IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කටුනායක වෙළෙඳ කලාපයේ 10,700කට එන්නත් ලබා දෙයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ට කොරෝනා මර්දන එන්නත් කිරීමේ කටයුතු ආරම්භ කරමින් එන්නත් මාත්‍රා 10,700ක අද ලබා දුන් බව කටුනායක ආයෝජන මණ්ඩල ප්‍රකාශයෙක් පැවැසීය.

ශ්‍රී ලංකා යුද හමුදාව මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරයි.

එම එන්නත්කරණ වැඩසටහන කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි අයි.සී.එල් ,ස්මාර්ට් ෂර්ට්ස් , ඒ.ටී.ජී. සහ යූ.ටී.පී. යන කර්මාන්තශාලා පරිශ්‍රයන් තුළ දී සිදු කෙරුණි .

වයස අවුරුදු 18 ට වැඩි , කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සියලු සේවක සේවිකාවෝ මෙම එන්නත් කරන වැඩසටහන සම්බන්ධ වූහ.

එමෙන්ම මීට පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ සේවය කරන සේවකයින් 5,300 දෙනෙකුට ද නිදහස් වෙළෙඳ කළාප සෞඛ්‍ය නිලධාරීන් එන්නත් ලබා දී තිබුණි



අදහස් (1)

කටුනායක වෙළෙඳ කලාපයේ 10,700කට එන්නත් ලබා දෙයි

Kalna Sunday, 27 June 2021 03:54 PM

ඉතාමත් හොඳ දෙයක් කරලා තියෙන්නේ... මෙම එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොරෝනා පොකුරු නිර්මාණය වෙන එක වළක්වාගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 867 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site