(ඉන්දිකා රාමනායක සහ නිමන්ති රණසිංහ)
ප්‍රහාරයක් එල්ල වන බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබී ඇති ව්‍යාජ විද්‍යුත් තැපැල් සම්බන්ධයෙන් මහජනයා කිසිදු ආකාරයකින් කලබල විය යුතු නැතැයි ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
සම්මත ආරක්‍ෂක පියවර ක්‍රියාත්මක වන හෙයින් එම විද්‍යුත් තැපැල් පණිවිඩයේ අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මහජනතාව කිසිදු අයුරකින් කලබල හෝ බිය විය යුතු නැති බවද ආරක්ෂක ලේකම්වරයා පවසයි.
මෙවැනි ක්‍රියා තුළින් රට තුළ පවත්නා සාමය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද ආරක්ෂක ලේකම්වරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දන්වා සිටියි.
රටේ ආරක්‍ෂාව සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සිය රාජකාරීන් අකුරටම ඉටුකරන බවද ආරක්ෂක ලේකම්වරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට ආදරය කරන අති දක්ෂ මෙවැනි නිළදරුවන් සුදුසු තැනවල දිටීම නිසා ඇත්තටම ජනතාව බිය විය යුතු නෑ.
අර දියඇල්ලේ කපල් එක දවසින් අල්ලපු අපේ අයට මේ වගේ බොරු ඊමේල් එවන අය අල්ලන්න මෙච්චර අමාරු ඇයි ?