
(නිමල කොඩිතුවක්කු)
එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති සහ කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවී එම පක්ෂයට සහයෝගය පළ කළේය.
ජනක රණවක මහතා සමග එක්සත් සංවර්ධන පෙරමුණේ පිරිසක් කොළඹ මාක්ස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්‍යාලයට අද(09) පැමිණ මෙලෙස සහයෝගය පළ කළේය.
එහිදී විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් එම පිරිස උණුසුම් ලෙස පිළිගත්තේය.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ලේකම් ලෙසද ජනක රණවක මහතා සේවය කළේය.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප 31683ක් ලබා ගත්තේය.
COMMENTS
හැමදාම දකින්නේ මෙ කෝලම් තමයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්කරගෙන දේශපාලනය ආරම්භ කළ රණවක මහතා පසුගිය මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණෙන් තරගකොට මනාප ලබා අදවනවිට සමගි ජනබලවෙගයට එක්ව සිටියි. මෙ අය අවස්ථාවාදීන්ද? ප්‍රතිපත්තින් මත කටයුතු කරන දේශලපාලකයින්ද? නිගමනය ජනතාව සතුවෙයි....
පිල්ලෙයාන් එව්වද කියලා හිතන්න බැරිද පුතේ?
මෙ අය විතරක් නොවෙ. කොයි අයත් ඒ වගේ...
දූෂිත, කුඩුවලට නමගිය අය නම් වැඩක් නැහැ. රාජගිරියේ පාසලක විදුහල්පති කෙනෙකුට පහරදීම පිටුපස මොහු ඇතැයි ප්‍රදේශයේ සැවොම විශ්වාස කරයි.