ශ්‍රී ලංකාවේ පාසලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ ප්‍රථම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 8 වසර පන්ති කාමර සුහුරු පන්ති කාමර බවට පත්කිරිමේ උත්සවය අද (7) පැවැත්විණි.
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් සේවා අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එහි ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ඒ අනුව අංග සම්පුර්ණ සුහුරු පන්ති කාමර 5 ක් ඇතුළත් සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් අධ්‍යාපන කටයුතු කළ හැකි ගොඩනැගිල්ල අමාත්‍යවරයා සිසු අයිතියට පත් කෙරිණි.
ඡායාරූප - ගයාන් අමරසේකර



COMMENTS
ලෝකයේ දියුණු රටවල් ස්මාර්ට් ක්ලාස් හෙවත් සුහුරු පන්ති කාමර සංකල්පය දියත්කරලා බොහෝ කල් . නමුත් ලංකාවේ නුගත් ජන නායකයෙක්ගේ කෙනෙහිලිකම් නිසා අපේ දරුවන්ට මේවා ලැබෙන්න තව කල්පයක් යයි
සන්තෝෂයි. ඒත් හොයලා බලන්න අන්ත අසරණව, දුක් ගැහැට විඳගෙන කොයි තරම් මේ රටේ අනිත් පලාත්වල අහිංසක දුප්පත් දරුවෝ ඉගෙන ගන්න දරන උත්සාහය. ඒ අයගේ අඩුපාඩුකම් හොයලා බයන්න. අඩු තරමින් මුලික අවශ්‍යතාවත් හදලා දෙන්න. අලුත්වෙන ලෝකේ දැණුම තාක්ෂණය මේ හැමදෙනාටම එකම විදියට ලබාදෙන්න ඕනේ. ඒ වගේම මනා ශික්ෂණය. රටට ලෝකෙට පේන්න හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් මෙහෙම කරන එකෙන් තවත් අසරණ වෙන්නේ මේවා දකින අර දුප්පත්, රටේ අනාගතේ බාරගන්න ඉන්න දරුවෝ. ඒ අය හුල්ලනවා. කන්න නෑ , බොන්න නෑ, ඇදුමක් හරියට නෑ, දෙන රෙදිවලින් මහගන්න විදියක්නෑ. හරිහැටි පන්ති කාමර නෑ, අවශ්‍ය විදීයට ගුරුවරු නෑ, අනිත් කදවුරුවල සමහර දරුවෝ, මේවයි ප්‍රශ්ණ. මේවටයි පිළියම් හොයල විසදිය යුත්තේ. කොළඹට කිරි ගමට කැකිරි. මේ ඊරිසියාවට නොවෙයි. මාධ්‍යයයෙනුත් පෙන්වන්න මේවගේ දේවලට සාපේක්ෂ විසදුම්. සංසන්දනය කර පෙන්වන්න. අර පහුගිය පාසල් වාරේ සෙල්ලම් ගෙවල්වල වගේ පන්තිකාමර පටන් ගත්ත පාසල් වලට මොන සාධාරනේද උනේ කියල. රටේ අස්සක් මුල්ලක් නෑරම ඉන්න දරුවන්ගේ අයිතිය ඉගෙනීම. හැමෝටම එකම විදියට. එහෙම නේද හොඳම..
හොඳ වැඩක්.
අනෙක් පාසල් කවදද?
හැම වෙලේම කොළඹට අවඩලා හරි යන්නේ නැහැ. දැන් මෙවැනි නව ව්‍යාපෘති බස්නාහිර පළාතෙන් පිට, ඈත පළාත්වලින් ආරම්භ කල යුතුයි. නගර ආශ්‍රිතව තිබෙන පාසල් වලට දැන් තිබෙන භෞතික සම්පත් හොඳටම ඇති. මේවා ලැබිය යුත්තේ නගරයෙන් පිට පාසල් වලටයි.
කොළඹට කිරි අපට කැකිරි.
වැඩේ නම් හොඳයි..අගය කලයුතුයි.....
උගතුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් හොඳයි..
මුළු රටේම පහසුකම් ඇතිකරන කම් ඉඳලා මේවා පටන් ගන්න ගියොත් ඉතින් කවදාවත් රට ඉස්සරහට යන්නේ නැහැ. හොඳ වැඩක්. හැබැයි හොඳට හොයලා බලලා, ගුරුවරුන්ට නිසි පුහුණුවක් වගේම නිසි ඇගයීමක් කරන්න ඕනේ. වතුකම්කරුවන් දවසක වැටුප 1000ක් කරන්න කියලා උද්ඝෝෂණය කරන්නේ. ගුරුවරයෙක් ගේ දවසක වැටුප රුපියල් 700ක් වගේ වෙන්නේ. ඉන්දියාවේ චන්ද්‍රිකා යවන්න ඉස්සෙල්ලා මුළු රටේම ජනතාවට ඕනේ කරන ටොයිලට් හදනකන් ඉන්න ගියානම් කවදාවත් එ් වැඩේ කරන්න වෙන්නේ නැහැ. මේක හොඳ දෙයක්.. ඒ වගේම මේවායින් බිහිවෙන සිසුන්ට විශ්ව විද්‍යාලවල විෂය නිර්දේශයත් රටට වැඩදායක විදියට රැකියාවක් කරන්න අවශ්‍ය දැනුම වර්ධනය වන විදියට වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම දක්ෂයන් රටතුළ තියාගන්න පුළුවන් වෙන්නත් ඕනේ... නැත්නම් මේ ආයෝජනයෙන් ප්‍රතිඵල ගන්නේ වෙනත් රටවල්...