(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අත්අඩංගුවට ගත් කෝට්ටේ නගර සභාවේ උප නගරාධිපතිවරයා මෙම මස 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ.පැල්පොල මහතා නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත්පත්‍රිකා බෙදාහැරී යැයි සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරියකුට හා අනෙක් පුද්ගලයාට පහර දුන් බවට කරන ලද පැමිණිල්ල අනුව උප නගරාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ප්‍රේමලාල් අතුකෝරාල යන අයයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.