(නිමන්ති රණසිංහ)
ඩුබායි සිට පිටුවහල් කිරිමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන කංජිපානී ඉම්රාන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
ත්‍රස්තවාදී පනත ප්‍රකාරව රඳවා තබා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී නැවත නිරීක්ෂණය සඳහා ජුලි මස 12 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
කංජිපානී ඉම්රාන් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් දෙදෙනා වන්නේ මොහොමඩ් අජිමි සහ මොහොමඩ් බදියුර්දීන් යන අය වේ. ඔවුහු ද ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සැකකරුවෝ වෙති.
සැකකරුවන්ට විරුද්ධව පොලිස් ස්ථාන කිහිපයකින් නඩු 21 කට අධික සංඛ්‍යාවක් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)



COMMENTS
මේ අය වෙනුවෙන් කලු කබා උන්නැහේලා නැද්ද?
අපේ රටේ "සිංහල බෞද්ධ ජාතිය විනාශ කිරීමට" හෙරෝයින් ශ්‍රී ලංකාව තුළ පතුරවා හැරීම සඳහා මුස්ලිම් රටවල් වලින් හුඟක් උදව් උපකාර ලැබෙන බව රහසක් නොවෙයි.. සමහරවිට මෙයත් ඒ වගේ පුද්ගලයෝත් සමග සම්බන්ධ වෙලා මේ, හෙරෝයින් වෙළඳාම කරගෙනයන්න ඇතියි කියලා අපිට ලොකු සැකයක් තිබෙනවා...
අයුධ පෙන්නන්නේ නැද්ද?