( කාංචන කුමාර ආරියදාස)                                                              

පකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින  කිහිපයක  සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

නුවරඑළිය ප්‍රදේශයේ ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන බව පවසමින් ඉතා සූක්ෂම ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැල් කිහිපයක මෙම පාකිස්ථානයෙන් ගෙන්වන ලද බීට්රූට් අලෙවි කළ බව ඔවුහු පවසති.

 මෙම බිට් රූට් අලෙවි   කිරීම සම්බන්ධයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් වලට අද (14)ගොස් සොයා බැලීමේදී ඇතැම් වෙළෙන්දන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක්  පවත්වාගෙන යන අයෙකු පාකිස්ථානයෙන් ගෙන්වා  තිබූ බීට්රූට් තම වෙළඳසැල්වල දමා කොමිස් මුදලට අලෙවි කළ බවයි.

දේශීය බිට් රූට්  කිලෝවක් රුපියල් 320 ත් 350 ත් අතර ඉහළ මිලකට අලෙවි වීමත් සමඟ පාකිස්තානයෙන් ගෙන් වා තිබූ බීට්රූට් කිලෝව රුපියල් 220 ත් 280 ත්  අලෙවි වූ බව වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත් මෙම පාකිස්තථානයෙන් බීට්රූට් ගෙන්වූ බව කියන වෙළඳසැල  සේවකයන් කියා සිටියේ තම වෙළඳෙඳ සැලෙන් අලෙවි  නොකළ බවත් වෙනත් කණ්ඩායමක් ආර්ථික මධ්‍යස්ථානය එළියේ එම බීට්රූට් අලෙවි කළ බවයි.

ආර්ථික මධ්‍යස්ථානයේ බොහෝ වෙළෙන්දන් සඳහන් කළේ එම වෙළඳසැල සඳහා ලැබුණු බීට් රූට් අනෙකුත් වෙළඳ සැල් වලට ලබා දී මෙසේ අලෙවි කළ බවය.

 ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ වෙළඳපලේ පාකිස්ථානයේ ගෙන් වා තිබූ බීට්රූට් අලෙවි කිරීම සිදු වූ බව පිළිගන්නා බවත් එම වෙළද සැලට ගොස් විමසීමේදී ඒවා නුවර එළියෙන් ගෙන්වා ඇති බව පැවසු බවය .එහෙත් ඒවා නුවරඑළියේ නොවන බව බැලු බැල්මට දැනගැනීමට හැකි නිසා ඔවුන්ට අවවාද කළ බව කිවේය .

දඹුල්ල   ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු . බී. ඒකනායක මහතා කියා සිටියේ තමන් මේ පිළිබඳව දැනුවත් වී නැති බව යි.

එමෙන්ම ඔහු කියා සිටියේ මෙම බීට්රූට් තොග අර්තාපල් අල අස්සේ පාකිස්තානයෙන් ගෙනැවිත් අලෙවි කිරීම් සම්බන්ධයෙන්යෙන් වගකීම් රේගුව භාර ගත යුතු බවය