(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාන් නමැත්තාගේ සහෝදරයෙක් සහ සහෝදරියක් අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද්දේ බෝම්බකරුගේ බාල සහෝදරයා සහ සහෝදරිය බවද පොලිසිය පවසයි.
සැකකාර සහෝදරයා පානදුර ගුවන් නියමු පාසලක පුහුණුව ලබාගත් බවත් සහෝදරිය මෝදර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක ලෙස කටයුතු කරන්නියක බවද පොලිසිය කියයි.
සැකකරු සහ සැකකාරිය 20 හා 23 වැනි වියේ පසුවෙති.
තව්හීද් ජමාත්, අයිඑස් සංවිධානයට සම්බන්ධ දැයි සොයා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd