(සුමතිපාල දීයගහගේ)
කොග්ගල සිංහ ධීවර ගම්මානය අසළදී යතුරුපැදි තුනක් එකිනෙක ගැටීමෙන් යතුරුපැදියක ගමන්ගත් තරුණයකු බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ හබරාදුව තල්පේ වැල්ලෙතොට පාරේ පදිංචිව සිටි නාපෙ විතානගේ සෙහාන් ප්‍රියතිළින නැමැති 16 හැවිරිදි තරුණයෙකි.
ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් කොග්ගල සිංහ ධීවර ගම්මානය අසලදී එක්වරම ආපසු මාතර දෙසට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් එහි ගැටී තිබේ. මාතර දෙස සිට පැමිණි තවත් යතුරුපැදියක් අනතුරට පත්ව තිබූ යතුරුපැදි දෙකේ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
යතුරුපැදියේ පිටුපස ගමන් කළ තරුණයෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බව හබරාදුව පොලිසිය පැවසීය.
අනතුරට සම්බන්ධ යතුරුපැදිකරුවකු හබරාදුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය තරුණයාගේ මරණ පරික්ෂණය අද (8) කරාපිටිය ශීක්ෂණ රෝහලේදි පැවැත්විමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොග්ගලදී යතුරුපැදි 3ක් ගැටී අයෙක් මරුට