(ටී.කේ.ජී.කපිල )
රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් පහක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බොලීවියානු ජාතිකයෙකු අද (5) කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
ඔහු බ්‍රසීලයෙන් මෙම කොකේන් තොගය රැගෙන ඉතියෝපියාව හරහාඉන්දියාවට පැමිණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මොහු ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය බව රේගුව සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක සූක්ෂම ලෙස මෙම කොකේන් තොගය සඟවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.


2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොකේන් තොගයක් සමඟ බොලීවියානු ජාතිකයෙකු අත්අඩංගුවට
prabha Tuesday, 05 March 2019 11:45 PM
මට අවුරුදු 5 ක වීස ලැබුන පේරු වලට. ඊට පස්සේ ගියපු හැම රටකින්ම මාව බැලුවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙක් වගේ . අවසානයේ මගේ පාස්පෝර්ට් එක නැතිඋනා කියලා අලුත් එකක් ගත්තා. නමුත් කලින් ගියපු රටවල් තම මාව සෝදිසි කරන්නේ මත්ද්‍රව්‍ය වලට. අපේ රටෙත් එහෙම වෙනවනම් මේ වසංගතය නැතිකරන්න පුළුවන්