(නිමන්ති රණසිංහ)

 

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රාමනායක ආරච්චිගේ දොන් ප්‍රමෝද් දිලූප රාමනායක නමැති සහායක ඉංජිනේරුවරයෙකි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත පද්ධතියේ දත්ත මැකීමට අණදෙන ලද ප්‍රවේශකරු වශයෙන් අයි පී අංකය ඔස්සේ මෙම සැකකරු හදුනාගෙන ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයෙන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විශ්ලේෂනයකින් පසු අදාළ අයි පී අංකය හදුනාගත් බවත් ඒ අනුව චේතනාන්විතව දත්ත පද්ධතියට ප්‍රවේශවී වී අපරාධයක් සිදුකිරීමට සැකපිට සැකකරු අත්අඩංගුවට ගත් බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, දත්ත පද්ධතියේ තොරතුරු මැකීමට චේතනාන්විතව ප්‍රවේශවීම සම්බන්ධයෙන් මෙම සැකකරු ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් පසු ඊයේ (28) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

සැකකරු හෙට (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මින් ඉහතදී එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද කල්පගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු මේ වන විට අධිකරණයෙන් ඇප නියම වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත පද්ධතිය සකස් කිරීමේ ගිවිසුම්ගත ආයතනය ලෙස එපික් ලංකා ටෙක්නොලොජි ආයතනය ගිවිසුම් ගත වී ඇත්තේ ඉකුත් 2018 මැයි මස 3 වැනිදා බවත්, මෙම ගිවිසුමේ වලංගු කාලසීමාව වන්නේ දින සිට වසර පහක කාලයක් ඉදිරියට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ැ භෂඵඍ් දත්ත ගබඩාවේ ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇතැයි සඳහන් කරමින් එහි සභාපතිවරයා විසින් ඉකුත් අගෝස්තු මස 12 වැනිදා කරනු ලැබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.