
(යොහාන් භාසුර)
ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම ණය මුදලට අමතරව ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 500 ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීමට සූදානමින් සිටින බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර ඇති බව ද සඳහන් කළේය.
මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දුවී තිබෙන බවත් මෙම තත්වය හමුවේ රටේ ඉන්ධන හිඟයක් ඇති කිරීමට විපක්ෂය මැවූ සිහිනය කිසිසේත්ම ඉටුනොවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කොහොමද මෙහෙම ණය අරන් ගෙවන්නේ.?
ඔය වැඩෙන් අන්තිමට කාත්තන්කුඩියට වෙනම රාජ්‍යයක් දෙන්න වෙයිද?
රෙදි ඇඳගෙන මේවා කියන ලස්සන... ණයවෙලා තෙල් ගෙනාවට වඩා හොඳයි වහ ගෙන්නුවා නම් බීලා මැරෙන්න..
ඉවක් බවක් නැතුව මෙහෙම ගන්න ණය ගෙවන්නේ කවුද? අපට ඉන්න රටක් ඉතුරු වෙයිද...?
කව්ද මේ ණය ගෙවන්නේ...? ණය ගන්න එක නෙමෙයි කරන්න ඕනේ... දැන් මේ රටේ මිනිස්සු පාරට බැහැලා රාජ්‍ය ධනය හොරකන් කරපු හැම කෙනාගෙන්ම ඒ ධනය අරගෙන ආයෙත් භාණ්ඩාගාරය පිරවීම... රත්තරං වගේ මේ රට මේ තත්ත්වයට පත් කළ කිසිම පාලකයෙකුට නම් හොඳක් සිද්ද වෙන්න එපා...!
20% කොමිස් සංහතියට තව අවුරුද්දකට ඇතිවෙයිද?
විශිෂ්ඨ තීරණයක් මැතිතුමනි...
මේවගේ කාලකණ්ණි ආණ්ඩුවක් ලෝකෙ පුරාම හිඟමනේ යනවා... රාජපක්ෂලා රටම විකුණගෙන කනවා. මේ අය කළ හොරකම් හින්දයි මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. මෙයාලගේ පවුල්වලට හෙණ 07ම ගහන්න ඕනේ...
මමත් වාහනේ ඇපේට තියලා ණයට පෙට්‍රල් ගහන්නේ...
ඒකත් එහෙමයි කියමුකෝ... ගත්ත ණය මුදලුත්, ලැබුණු විදේශ ආධාර වලටත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුණා..., රට බංකලොත් කරපු, රට හදන පිරිසක් ඉන්න ලෝකෙන් උතුම් රටක් මේක... සසර වසනා තුරු අසත්පුරුෂයින් හමු නොවේවා ! යලි ලංකාවේ උපදින්නට හේතු වාසනා නොවේවා !
මොනවා ගන්න බලලාගෙනද මේ ණය දෙන්නෙ. රටේ කොයි හරියෙන් දෙන්න යනවා ද දන්නේ නැහැ.
මෙයාට රටට හෙණ ගැහුවත් කමක් නෑ... එයාගේ පවුලේ අය ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ...
ගිහිං ඊශ්‍රාලයෙන් ඉල්ලගන්නනේ තිබ්බේ...