IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන්  ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් යැයි  සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවැසීය.

පාර්ලිමේන්තුවට රැගෙන ආවේ තමාගේ බෑගය සහ  කුඩා විදුලි පන්දමක් පමණකැයිද ඔහු සඳහන් කළේය.

හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසූවේ සැකකටයුතු පාර්සලයක් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පාර්ලිමේන්තු සංකීර්ණයට  රැගෙන එන ලදැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ නැගූ චෝදනාවට පිළිතුරු දෙමිනි.

ඔහු මුලසුනේ අවසරය ඇතිව මෙම ප්‍රකාශය කළේය.

තමාගේ බෑගය භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂාවට ලක් කෙරුණු  බවත්  භයානක කිසිවක් තමා පාර්ලිමේන්තුවට රැගෙන  නොපැමිණි බවත්  මන්ත්‍රීවරයා කීවේය.

තමා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා නොකළ බවද හෙතෙම  සඳහන් කළේ‍ය.

තමා රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් යම් දෙයක් ලබන සතියේ  කිරීමට සූදානම් වන බව පැවසූ හරීන් ප්‍රනාන්දු මහතා එම කටයුත්තට බාධා නොකරන්නැයි  තමා රජයෙන් ඉල්ලීමක් කරන බවත්  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

’’ඕනෑම පරීක්ෂණයකට සූදානම්’’

SUNIL MILANO Friday, 25 February 2022 03:01 PM

තාත්තාගේ හෝඩුවාවෙන් පාස්කු ප්‍රහාරය ගැන දැනුම් නොදී දිවිගලවාගත් අය... මූණ දැක්කාම හැටක් විතර අනින්න හිතෙන්නේ මට විතරද?

:       3       5

BamunuarachchiFriday, 25 February 2022 08:54 PM

මට ඊට වඩා දේවල් හිතෙනවා...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site