
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාව සහ අනෙකුත් රටවල සීඝ්‍ර ලෙස පැතිර නොයනු ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන ජීවන්දර මහතා පෙන්වාදෙන්නේ, දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.
එම වයිරසය ප්‍රතිශක්තීකරණ එන්නත්වලට ප්‍රතිචාර නොදැක්වුවද බූස්ටර් එන්නතක් මඟින් ආරක්ෂාවීමේ හැකියාව පවතින බවද එම අධ්‍යයනයෙන් හෙළිවී ඇති බව ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් මෙම වයිරස ප්‍රභේදය සම්බන්ධයෙන් ස්ථීර නිගමනයකට පැමිණීමට මෙතෙක් හැකිවී නැති බවත් ඒ සඳහා දත්ත අධ්‍යයනය කිරීමට තවත් කාලයක් අවශ්‍ය වන බවත් ඔහු පැවසුවේය
මේ අතර ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාවෙන් ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම ප්‍රකාශ කර ඇත.
ෆයිසර් මාත්‍රා තුනක් ලබාදුන් පුද්ගලයකුට ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ශරීරයේ ඉහළ ප්‍රතිශක්තියක් ඇති වන බව එම සමාගම කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවී ඇත.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
479
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ඔමික්‍රෝන් සීග්‍රයෙන් පැතිර යන්නේ නැහැ‘