(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් නිලධාරීයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය අනතුරට ලක් කර පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
තලංගම පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මෙන්ම මෝටර් රථය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදෙන ලෙසත් සැකකාර කාන්තාව වැලිකඩ පොලිසිය වෙත භාර දෙන ලෙසත් තලංගම පොලිසිය වෙත උපදෙස් ලබා දුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවරයා පැවසීය.
අත්අඩංගුවට ගත් මෝටර් රථය නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ මත්ද්‍රව්‍ය පිළිබඳව විශේෂ පුහුණුවලත් ටිනා සුනඛයා යොදවා පරික්ෂාවට ලක් කිරීමේදී ප්‍රධාන ජාවාරම්කරු අසුන්ගෙන සිටි මෝටර් රථයේ වම්පස අසුන යට ඉටි බෑගයක ඔතන ලද හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 400 ක් සොයා ගැනීමට හැකි වූ බවත් මෝටර් රථයේ ඇඟිලි සටහන් 21 ක් සහ ඒ තුළ තිබූ වතුර බෝතලයක සටහන්ව තිබූ ඇඟිලි සටහන් 7 ක් වශයෙන් ඇඟිලි සටහන් 28 ක් සොයා ගැනීමට ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd