(නිමන්ති රණසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණී මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා දින හතක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (23) අවසර ලබා දී තිබේ.
මෙම සිද්ධියට අදාළ මෝටර් රථය සඟවා තබා ගැනීමට අධාර අනුබල දුන් බව කියන මෙම සැකකරුවන් දෙදෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම අවසරය ලබා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd