ලෝකප්‍රකට ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ නව මුද්‍රණය සඳහා නයිජීරියානු වචන සහ කියමන් 29ක් එක් කර තිබේ.
අලුතින් එක් වූ වදන් කිහිපයක් පහත දැක්වේ.
Kannywood – නයිජීරියානු හවුසා භාෂාවට අනුව කැනෝ නම් නගරය කේන්ද්‍රකරගනිමින් ඇති වූ සිනමා කර්මාන්තය මෙලෙසින් හඳුන්වයි.
Ember months – සැප්තැම්බර්යේ සිට දෙසැම්බරය දක්වා වසරේ අවසන් මාස
next tomorrow - අනිද්දා
To rub minds - උපදෙස් විමසමින් එක්ව කටයුතු කිරීම
barbing salon - කොණ්ඩා කපන ස්ථානය
ඔක්ස්ෆර්ඩ් ශබ්කෝෂයේ ඉංග්‍රීසි භාෂා සංස්කාරකවරිය වන ඩැනිකා සලසාර් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.
“ඔක්ස්ෆර්ඩ් කියන්නේ, ඓතිහාසික ශබ්දකෝෂයක්. එහි කාර්ය භාර්ය වන්නේ, ඉංග්‍රීසි භාෂාව භාවිතයේ සංවර්ධිත අවස්ථා ගැන කතාන්දරය ඉදිරිපත්කිරීමයි. ඉංග්‍රීසි ජාත්‍යන්තර භාෂාවක්. ලෝකයේ විවිධ රටවල විවිධ පසුබිම් යටතේ සිටින මිනිසුන් අලුතින් වචන නිර්මාණය කරනවා.
අපේ කාර්යභාර්ය තමයි ඉංග්‍රීසි භාෂාවේ ඉතිහාසය ගැන පැවසීම. එතැනදි නයිජීරියානුවන්ගේ දායකත්වය අමතක කළොත් කතාන්දරය සම්පූර්ණ වෙන්නෙ නෑ” යැයිද ඇය පැවසුවාය.
(සීඑන්එන් ඇසුරිනි)
16844
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයට නයිජීරියානු වදන් 29ක් එක්වෙයි
siri Monday, 03 February 2020 09:57 AM
අපේ එෆ් එම් නාළිකාවල ළමයි කතා කරන අප්‍රබංෂ වචනත් ඔය පොතට ළඟදීම ඇතුල් කරයි මගේ හිතේ.