(සුජිත් හේවාජුලිගේ)
රෝහල්වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.
මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කැපී පෙනෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීමෙන් පසුව ඇතිවුණු තත්වයක් විය හැකි යැයි පැවසූ ජයසුමන මහතා මෙය වඩාත් අවධානය යොමු කළ යුතු තත්වයක් බවද ප්‍රකාශ කළේය.
වෙනදා රෝගීන් 100 දෙනෙකුගෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් පස් දෙනෙකු හමුවූයේ නම් දැන් එවැනි තත්වයේ රෝගීන් දස දෙනෙකුට වැඩි ප්‍රමාණයක් හමුවන බවද මහාචාර්ය ජයසුමන මහතා පැවසුවේය.
මේ අතර රටපුරා එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කර ඇති බවත් මේ මස අවසන් වීමට පෙර වයස 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතාව මරණයෙන් බේරා ගැනීම එන්නත්කරණයේ ප්‍රධාන බලාපොරොත්තුව බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
අවු.16ට වැඩි සමාජයේ තනියම ගැවසෙන සියල්ලන්ම සභ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව එන්නත් කරන්න ඕනෑ නේද?