(සුජිත් හේවාජුලිගේ)

ඉන්දියාවෙන් සතියකට ඔක්සිජන් මෙට්ට්‍රික් ටොන් 100 බැගින් ආනයනය කිරීමට ඇණවුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

රෝහල්වලට දිනකට අවශ්‍ය කෙරෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 70-72 අතර ප්‍රමාණයක් දක්වා වැඩිවී ඇතැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙයට අමතරව සිංගප්පූරුවෙන්ද ඔක්සිජන් ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.

දිවයින පුරා රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාව 500 ඉක්මවා ඇතැයිද දැනගන්නට ඇත.