
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ඒදණ්ඩවෙල ප්‍රදේශවාසීන්ගේ පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අද(08) එහි ගිය සෞඛ්‍ය නිලධාරීන්ට එම පරීක්ෂණය කිරීම සඳහා පිරිස සොයාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
සෞඛ්‍ය වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායම එහි යනවිටත්, පෙරේදා වනතෙක් විවෘත කරතිබූ වෙළඳසැල් මෙන්ම මුස්ලිම් පල්ලිය වසා දමා තිබූ බවද, පීසීආර් සිදුකිරීමට යෝජනා කරගෙන තිබූ මුස්ලිම් විදුහල පවා වසාදමා තිබූ බවද නිලධාරීහු පැවසූහ.
පීසීආර් පරීක්ෂණ කිරීම සඳහා එම ස්ථානය ලබාගැනීමට සහ පිරිස පීසීආර් පරීක්‍ෂණ සඳහා කැඳවාගැනීමට පල්ලියට ගොස් එහි පූජකවරයා මුණගැසීමට සිදුවූ බවද, පීසීආර් පරීක්‍ෂාව සඳහා නොපැමිණීමෙන් පවතින අවදානම සළකා ප්‍රදේශය වසාදැමීමට පවා ඉඩ ඇති බව ශබ්දවාහිනී යන්ත්‍ර ඔස්සේ පැවසීමට සිදුවූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලක්‍ෂමන් මහතා පැවසූයේ, මේ අවස්ථාවේදී සියලුම දෙනා එක්ව සෞඛ්‍ය අංශවලට සහය දීමෙන් තම ප්‍රදේශ හා සමීපතමයින් ආරක්‍ෂා කරගැනීමට කටයුතු කළයුතු බවය.
කුලියාපිටිය ඒදණ්ඩවෙල පෙදෙස ආශ්‍රිතව ඇති මුම්මානයෙන් කොවිඩ් ආසාධිතයින් 31දෙනෙකු පමණ මේ දක්වා හඳුනාගෙන තිබිණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.