IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


එ.ජා. මානව හිමිකම් සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා සහ තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය ඉවත් කරගන්නා බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (26) නිල වශයෙන් දැනුම් දුන්නේය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා වටය අමතමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දුන්නේය.

2015 ජනවාරි මාසයේ දී බලයට පත්වූ ඉකුත් ආණ්ඩුව පල දරමින් තිබූ දේශීය සංහිඳියා හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉවත දැමූ බව ද අමාත්‍යවරයා එහිදී කීවේය.

ඉකුත් ආණ්ඩුව සම අනුග්‍රහය දැක්වූ 30/1 යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ඉටු කළ නොහැකි පොරොන්දු ලබාදී ඇති බවත් ඊට අමතරව ශ්‍රී ලංකා ජනතාවගේ ස්වෛරීත්වයට හානිකර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ආකෘතිය උල්ලංඝනය කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වීමෙන් පසුගිය ආණ්ඩුව ආණ්ඩු පාලනයේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම පැවැසීය.

සියලු පාර්ශ්ව සහභාගී කරගන්නා සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන දේශීය යාන්ත්‍රණයක් තුළින් තිරසර සාමය ළඟා කරගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව කී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන බවත් ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය කඩ කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සහ ඒ සම්බන්ධයෙන් වන වාර්තා එම කොමිසම මගින් විමසා බලනු ඇතැයි ද පැවසීය.

රජයේ නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතරවාරයේදීම මීට පෙර පැවැති වාර්තා ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැක්කේ මොනවාද විමසා බලන බව ද හෙතෙම කීය.

අවශ්‍ය පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදුකරන බවත් එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක් 2030 සමඟ සමාන්තරව කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීවේය. නීතිය අනුව තනි පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම් වශයෙන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, යුක්තිය හා සාධාරණත්වය සුරක්ෂිත කිරීම, සමාජයේ අවදානම් සහගත කණ්ඩායම්වල ප්‍රශ්න හා ගැටලු විසඳීම කෙරෙහි ද අවධානය යොමු කරන බව ඔහු කීවේය.

මේ කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිවරිය සමඟ සාකච්ඡා කළ බව ද ඔහු එහිදී දැනුම් දුන්නේය.

මානව හිමිකම් සහ ඒ ආශ්‍රිත කටයුතුවලදීත් ඒවා ක්‍රියාත්මක කිරීමේදීත් දේශීය ප්‍රමුඛතා හා ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාව නිරන්තරයෙන් එක්සත් ජාතීන්ගේ සහ ඊට අනුබද්ධිත ආයතනවල සහයෝගය ලබාගන්නා බවද විශේෂයෙන්ම හැකියාවන් හා ධාරිතාවන් වර්ධනය කරගැනීමටත් ඊට අමතරව තාක්ෂණික ලබාගැනීමටත් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

2015 ඔක්තෝබර් මස 30/1 දරන සහ 2017 මාර්තු 34/1 දරන පූර්ව යෝජනා සම්මුති ඇතුළත් කර සකස් කරන ලද ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ඉකුත් දා තීරණය කළේය. එම සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා (19) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිවිය.



අදහස් (3)

එ.ජා. මානව හිමිකම් සම අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත්වෙයි

mihira Wednesday, 26 February 2020 01:08 PM

එ්කධිපතියන්ට මොනවටද මානව හිමිකම්..?

:       45       2

prasadThursday, 27 February 2020 02:10 AM

මංගලගේ වැඩ අනුමත කරන මිතුරෙක් වගේ පේන්නේ... මංගලට රට පවා දෙන්න අයිතියක් නැහැ. මිනිහා දැන් අවලංගු පුද්ගලයෙක්...

:       1       0

vijitha Wednesday, 26 February 2020 02:33 PM

බොරලුගොඩ සිංහයාගේ කතාවට ලෝක නායකයන්ට උණ ගැනිලා ඇති..

:       7       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 496 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 306 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site