IMG-LOGO

එස්.පී. බාලසුබ්‍රමනියම් සමුගනී

ඉන්දීය සිනමාවේ ජනප්‍රියතම ගායකයකු වූ එස්.පී. බාලසුබ්‍රමනියම් අද අවසන් හුස්ම හෙළීය.  එස්.පී.බී. යනුවෙන් සියලු දෙනා අතරේ ජනප්‍රියව සිටි මෙම විශිෂ්ට ගායකයා මිය යන විට වයස  අවුරුදු 74 කි.

අගෝස්තු පළමු සතියේ දී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වූ නමුත් එය එතරම් බරපතළ තත්ත්වයේ නොතිබූ හෙයින් නිවසේදී නිරෝධායනය වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. එහෙත් බාලසුබ්‍රමනියම්ගේ පවුලේ සාමාජිකයන් ඔහු ගැන වඩාත් සැලකිලිමත් වූ නිසා හෙතෙම රෝහල් ගත වීමට තීරණය කළේය.

සැප්තැම්බර් 23 වැනිදා ඔහුගේ තත්වය නරක අතට හැරුණු අතර ඔහු අසාධ්‍ය රෝගියකු ලෙස සලකනු ලැබීය.

ඔහුගේ පුත් එස්.පී.චරන් මාධ්‍ය අමතමින් කියා සිටියේ, "මගේ තාත්තා දහවල් 1:04 ට අවසන් හුස්ම හෙළුවා...ඔහු වෙනුවෙන් කළ ඔබගේ සුබප්‍රාර්ථනාවන්ට ස්තුතියි...ඔහුගේ රසිකයන්ගේ හදවත් තුළ, මගේ තාත්තා දිගු කලක් ජීවත් වනු ඇත" යන්නයි. 

සාවිත්‍රි  බාලසුබ්‍රමනියම් ඔහුගේ බිරිඳ වන අතර පල්ලවි බාලසුබ්‍රමනියම් ඔහුගේ දියණියයි.

අගෝස්තු මාසයේදී කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසුව අගෝස්තු 13 වනදා දක්වා ඔහු යහපත් තත්ත්වයේ පසුවිය. එහෙත් එදින රාත්‍රියේ ඔහුගේ තත්වය නරක අතට හැරුණි.

අනතුරුව මාසයකට වැඩි කාලයක් ඔහු ස්වසන ආධාරකයක ප්‍රතිකාර ලබමින් සිටියේය.

සැප්තැම්බර් 13 වන දින ඔහු කොරෝනා වයිරසයෙන් මිදුණු නමුත් ඔහුගේ අනෙකුත් අසනීප තත්ත්වයන් දිගටම පැවතිණ.

නිතරම සිනහ මුසු මුහුණින් සිටි බාලසුබ්‍රමනියම්ගේ අකල් වියෝව දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයට විශාල පහරකි.

එස්පීබී බහු කුසලතා සහිත දුර්ලභ කලාකරුවෙකි. ඔහු ගායකයෙකු, නළුවෙකු, සංගීත අධ්‍යක්ෂවරයකු, හඬ කැවීමේ ශිල්පියකු ලෙසද මෙන්ම චිත්‍රපට නිෂ්පාදකයෙකු ලෙස විවිධ භාෂාවලින් කටයුතු කර  ඇත. දශක පහක් පුරා පැවති ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු භාෂා කිහිපයකින් ගීත 40,000 කට වඩා ගායනා කර තිබේ.

බාලසුබ්‍රමනියම්ගේ දීර්ඝ වෘත්තීය ජීවිතය තුළ ඔහු සිය කටහඬ වෙනුවෙන් සම්මාන කිහිපයක් දිනා ගෙන තිබුණි. වැඩිම ගීත සංඛ්‍යාවක් පටිගත කිරීම වෙනුවෙන් ගිනස් ලෝක වාර්තාව දිනාගෙන සිටියේද බාලසුබ්‍රමනියම්ය.  ඔහු හය වතාවක් හොඳම පසුබිම් ගායකයා සඳහා ජාතික සම්මානය ලබාගෙන ඇති අතර තෙළිඟු සිනමාවේ නන්දි සම්මාන 25 වතාවක් දිනා ගෙන තිබේ.

එස්. පී. බාලසුබ්‍රමනියම්ට වසර 2001 දී ඉන්දියාවේ උසස්ම සම්මායක් වන පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුණු අතර වසර 2011 දී ඔහු පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබීය.



අදහස් (6)

එස්.පී. බාලසුබ්‍රමනියම් සමුගනී

ferna Friday, 25 September 2020 08:41 AM

නිවන් සුව.. ඔබ සදා අප අතර !!!

:       2       33

Sanath Kandy Friday, 25 September 2020 08:53 AM

මගේ ප්‍රියතම ඉන්දියානු ගායකයා. හරිම දුකයි.

:       2       28

පූජා Friday, 25 September 2020 09:01 AM

ඉතාම කණගාටුදායක පුවතක්. ජාති බේදයක් නැතිව, ලොව මුලුමහත් සංගීත ලෝළින් සංගීතයෙන් නැලවූ, ආදරණීය ගායකයාණෙනි, ඔබගේ අඩුව පිරවීමට සමත් කෙනෙක් නැවත නූපදිනු ඇත. ඔබට ආදරය කළ රසිකයින්ගේ හද තුළ ඔබතුමා සදා අමරණීයව වැජඹෙනු ඇත. ඔබතුමාගේ ආගමට අනුව..., ඔබතුමාගේ ආත්මයට ශාන්තිය උදාවේවා කියා, හදපිරි සොවින් පතන්නම් සොඳුරු ගායකයාණෙනි..!!!

:       2       38

විජිත් Friday, 25 September 2020 04:30 PM

මටත් හරිම කණගාටුයි පූජා. මම චූටි කාලේ ඉඳලා මෙතුමාගේ නම අහලා තියෙනවා. සින්දුත් අහලා තියෙනවා. නමුත් තේරුනේ නැතිවුණත් මම හිතුවා ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඇති කියලා. එතකොට මට අවුරුදු 5 ක් විතර ඇති. ඒ කාලේ මම හිතුවේ දෙමළ සින්දු කියන්න ඉන්නේ මෙයා විතරයි කියලා. කාලෙකට පස්සේ තමයි මෙතුමා ගැන සම්පූර්ණම විස්තරය දැනගත්තේ... ලෝකයක් වසඟ කළ ඒ කට හඬ අද නිහඬයි. මම මියගිය බාලසුබ්‍රමනියම් මහත්මයාට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.

:       1       17

Raveendra Friday, 25 September 2020 09:45 AM

ඔබට නිවන් සුව අත්වේවා !!!

:       2       24

සමිත සේනක අලුත්ගමගේ. Friday, 25 September 2020 11:18 AM

සංගීතය නැමැති විශ්ව භාෂාව තුළින් ලොව සිටින සංවේදී මිනිසුන්ගේ සිත්සතන් අමන්දානන්දයට පාත්‍රකළ ඔබගේ සොඳුරු ගීත නිසා ලොව බොහෝ හදවත් සුවපත් කළ ඔබ අද ඒ සැම ඇතර ගොසිනි. ඒත් ඒ මධුර හඬ සාදා අප දෙසවන් හා හදවත් තුළ සිටිනු ඇත...

:       2       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 67 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 626 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site