එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.
COMMENTS
අනේ අපි මේ වටිනා රට දියුණු කරන්න මහාකැපවීමක් කළ මේ ඩබල පණ මෙන් ආරක්ෂා කර ගන්න ඕනේ.. හොඳ තැනට සේන්දු වුනේ. සැපගන්න හොඳට පුළුවන් අපේ දෙයියෝ දෙන්නට දෙවි පිහිටයි.
ඕක ඉතින් අලුතින් ගන්න දෙයක් නැහැ. හිටියෙත් පොහොට්ටුවේ. මේ දෙන්නම ජාතික ලැයිස්තුවෙන් ආපු අය. එස්.බී. ඡන්දෙන් පරාදයිනේ... ඩිලාන් ඡන්දෙට ඉල්ලුවොත් පරාදවෙන නිසා මුලින්ම ලිස්ට් එකට පැනගත්තා. කෙටියෙන්ම කිව්වොත් දෙන්නටම ඡන්ද පදනමක් නැහැ. හැබැයි බෝක්කු වගේ කටවල් තියෙනවා.
වැඩ කොහොම වුණත් ශ්‍රීලංකා පක්ෂයේ ඉන්න කුහකයින්ට හොඳ ආදර්ශයක්. ජයවේවා පොහොට්ටුවට...!!!
ගෝඨා නෙමේ කවුරු ආවත් මේ වාසි පැත්තට පනින හොරු රැල එක්ක රටට අනාගතයක් හදන්න බැහැ.
මෙයාලා හොඳ මඩ ප්‍රචාරයට පමණි. පොහොට්ටුවේ මාධ්‍ය අංශයට හොඳ වගෙත් හිතෙනවා...
අපේ කරුමෙට පහළවෙච්ච පරවුණු නායකයන්. පිපෙන පොහොට්ටුවලට පරවුණු මල් මොකටද?
පොහොට්ටුවේ අය කැපවෙන්නේ හා පොරොන්දුව යහපත් අනාගතයකට නේද? අනාගත පාලුවෝ ඇයි ගන්නේ? වර්තමානයකුත් නැහැ. අනාගතයකුත් නැහැ. තව කීපදෙනෙක් ඉන්නවා. ගන්න එහෙම එපා. තියන ඡන්ද ප්‍රමාණයත් නැතිවේවි...
පොහොට්ටුවට ඡන්දෙ දෙන්න හිටියේ. මේ දෙන්නා ඉන්නවා නම් මගෙ ඡන්දෙ පොහොට්ටුවට නෑ...
එස්.බී. ගත්තා කියන්නේ පොහොට්ටුව ඡන්ද විශාල ප්‍රමාණයක් නැති වෙනවා...
පොහොට්ටුවේ සාමාජික පත්‍රය පෙන්වන පින්තූර ප්‍රසිද්ධ කරන්න නම් එපා. දැක්කනේ දින 52ක කාලේ පොහොට්ටුවේ සාමාජිකත්වය අරගෙන කයිවාරු ගහපු කට්ටියට ආසනේ නැතිවෙන්න යනබව දැනගත්තාම අර ගල උඩ.... බලලාට වෙච්චදේ වගේ දෙයක් වූ හැටි.
නැව ගිලෙනකොට මීයන් පැනගන්නවා කියලා කතාවක් මම අහලා තිබුණා එ්ක මතක් වුණා. මදැයි රට හදන්න කලින් දැන් ඉතින් ගෝඨාට පක්ෂය සුද්ද කරගන්න වෙනවනේ. පව්...!!!
රංගේ මේ ඔය කොහෙද...?
ඇත්තටම මේ වගේ අයටත් ඡන්දෙ දෙන මිනිස්සු ඉන්නවද?
ගෝඨාභය පරාජය වීමේ පළමු සලකුණ තමයි මේ දෙන්නගේ පොහොට්ටුවට එක්වීම...
පොහොට්ටුව ත් පනුවො කන්න පටන් අරන් දැන්මම...
පොහොට්ටුව පක්ෂයක්ද ? කණ්ඩායමක්ද ?
රයිගමයයි ගම්පලයයි
මේ දෙන්නම ප්‍රතිපත්තියක ඉන්න දෙන්නෙක් නෙවේ එහෙට මෙහෙට පනින දෙන්නෙක් ජනතාවට මේ අය කෙරෙහි කිසිම විස්වාසයක් නෑ,ඉදිරියට එන රජයත් මේ අය පිළිගන්නවානම් වෙන විදිහ හිතා ගන්න පුළුවන් ,ජනතා චන්දය මේ දෙපලට නෑ
නියම සෙට් එක රෝහිත, අලුත්ගමගේ, වීරවංස, පුංචි නිලමේ, අප්පච්චිත්, ආවනම් තකට තක ,
ඔන්න ඔහොමයි මේ අයගේ දේශපාලනේ කෙරිල්ලේ තරම. කොහාට පැන්නත් මෙයාලට සැප . මේක තේරුම් ගන්න බැරි රිලවුනේ අපේ රටේ වැඩි හරියක් ඉන්නේ .මැරෙන තුරාවටම දුක් විඳින්න ගොට්ට අල්ලගෙනම ඉදලා.
රටට උසුලන්න බැරි බරක් .
අායෙත් අවුරුදු පහක් අපිව රවට්ටන්න නේද යන්නේ ? 2018 ලංකාවේ දළ ඒක පුද්ගල අදායම ඩොලර් 3936 ක් එකෙන් සියයට 75 ක් රටේ ණය වාරික ගෙවන්න අයින් කලාම ඉතිරිය ඩොලර් 984 යි. අද විනිමය අනුපාතය වන ඩොලරය රුපියල් 180 න් වැඩිකලාම එක්කෙනෙකුට රුපියල් එක්ලක්ෂ හැත්තෑ හත්දහසක මුදලක් (1,77,000.00) කි . එ් මුදලින් සියයට දහයක්වත් නොගන්න පිරිස කිදෙනෙක්ද ? ගොවිපවුල් වල හතර පස් දෙනෙක් ඉන්නවා, නමුත් මුළු පවුලටමවත් දළ ජාතික ආදායමෙන් සියයට දහයක් ලැබෙන්නේ නැහැ.ඉතිරි මුදල බෙදාගන්නේ කවුද? අද අපේ රටේ හෙලිකොප්ටර් වලින් යන මන්ත්‍රීවරු ඉන්නවා. පුද්ගලික විදුලිබලාගාර තියෙන මන්ත්‍රීවරු ඉන්නවා. මේ කවුරුවත් මන්ත්‍රී පදවි ලබද්දී මේවා තිබුනේ නැහැ. ඒ වගේම මේ ප්‍රකෝටිපති මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ සමහර අන්ත දුගී ජනතාව වෙසෙන මැතිවරණ බලප්‍රදේශ . නමුත් ඔවුන් ජනතාව විසින් නම් කළ නියෝජිතයන් නොවෙයි. පක්ෂ නායකයන් විසින් නම් කොට ජනතාවගෙන් කැමැත්ත ඉල්ලාගත් පිරිසක්. මේ පිරිස් එහාට පැන්නත් මෙහාට පැන්නත් වගකියන්නේ පක්ෂනායකයින්ට මිසක් ජනතාවට නොවෙයි. ඔය කිසිම පක්ෂෙක පක්ෂ නායකයෝ වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඡන්දෙන් පස්සේ අපට කිසිම වෙනසක් වෙන්නෙත් නැහැ.
මේ වගේ ආතක් පාතක් නැති අය ඉන්න පක්ෂයකට ඡන්දය දෙන්න හිතෙන්නේ කාටද ?
යන යන පැත්ත විනාශ වෙනවා , ජනතාව ප්‍රතික්ෂේප කරන මෙවැනි පුද්ගලයන් නිසා පක්ෂ පිරිහෙනවා .
ඕක අලුත් දෙයක් නොවේ මේ සෙට් එකට
මේ දෙන්නා දේශප්‍රේමීන් වෙනවා දැන්.... බලන්නකෝ තව සතියකින්..... මිනිස්සු කොච්චර මෝඩද ?
එකෙක් උඩරට පැත්තේ , අනෙක මාතර පැත්තේ , නුතන "රයි ගමයයි . ගම්පොලයයි".